ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි
ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374ක් බවත් ලංකාවේ ජාතික පාසල් පිහිටුවා ඇති ආකාරය සාධාරණ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රාලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රා ලේ කාර්යාලය 13ක් පැවැතියත් ජාතික පාසල් 37ක් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ ප්‍ර ලේ කාර්යාල 38ක් පැවැතියත් ජාතික පාසල් පවතින්නේ 26ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව සළකා බැලීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
popular news
-
denin Thursday, 12 December 2019 03:52 PM
එදා ජාතික පාසල් ආරම්භකරනවට විරුද්දවුන ළමයි අත උස්සන්න බලන්න .ටීචර් ඒ ළමයි දැන් ආදී සිස්ශ සංගමයේ
Reply : 0 0
Deepal Nirosh Friday, 13 December 2019 11:40 AM
දැන ගන්න ලැබෙන හැටියට පවතින ජාතික පාසල් වලින් බහුතරයකට සුදුසුකම් ලත් විදුහල්පතිවරු නැහැ. ඒ් වගේම සම්පත් පවා සීමිතයි. මෙහෙම තත්ත්වයක් යටතේ කොහොම ද පාසල් සංඛ්‍යාව 1000කට වර්ධනය කරන්නෙ. බෝඩ් ලෑලි ගහල තේරුමක් නැහැ. අධ්‍යාපනයේ ගුණාත්මක භාටයයි වර්ධනය කළ යුත්තේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

