ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය ධීවරයින් 1,500 කට ආසන්න ප්‍රමාණයකට මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි.
මෙවර ජනාධීපතිවරණයේදී බහුදින යාත්‍රාවල ධීවර පවුල්හි ඡන්ද ප්‍රකාශන කටයුතු පිළිබඳ විමසිමේදී හර්මන් කුමාර මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙවැන්නකි ,
“මේ ධීවරයින්ට වෙන රැකියාවක් නැහැනේ තියෙන්නේ ධීවර රැකියාව විතරයි. ඉතින් බහුදින යාත්‍රාවලින් මුහුදු ගමන් යන අය නැවත ගෙවල් වෙතට එන්නේ සතියකට දෙකකට විතර පසුව. අනිත් එක මේ අය ඡන්දෙ නිසා නොයා ඉන්නෙත් නැහැ. ඡන්දේ නිසා එදාට එන්නත් බැහැ. උතුරු නැගෙනහිර ගත්තහම උතුරේ එතරම් බහුදින ධීවර යාත්‍රා නොතිබුණත් නැගෙනහිර ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් තියනවා. ඉතින් දවසකට මේ ධීවර යාත්‍රා 200 ක් ගියත් එක යාත්‍රාවක ධීවරයින් පස් දෙනෙකු ගත්තත් එතනම දහසක් විතරනේ. ඉතින් මේක ඒ ධීවරයින්ට කෙරෙන ලොකු අසාධාරණයක්.
ධීවරයින්ගේ ඉල්ලීම් අනුව අපේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය මගින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයින්ට වෙනත් දිනයක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දෙන අයුරින් මේ බහුදින ධීවර යාත්‍රාවල ධීවරයිනුත් යම්කිසි ලියාපදිංචි කිරීමකට අනුව ඔවුන්ටත් ඡන්දය ප්‍රකාශ කළහැකි අවස්ථාවක් ලබා දෙන ලෙසටයි” .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

