ජාතික ආරක්ෂාව ගැන විරුද්ධ අය සමග වැඩ කරන්න සූදානම්
ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ප්‍රතිවිරුද්ධ අදහස් දරණ ආණ්ඩුවේ නොවන අය සමග ද වැඩකිරීමට සූදානම් බවත් ජීවිත පරිත්‍යාගයෙන් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“සතුරාට බුර්කාව පළන්දවලා වෙන සතුරෝ පෙන්වන කි‍්‍රයාදාමයෙන් අපි අයින් වෙලා සතුරා හරියට අපි හඳුනාගත යුතුයි. ඔහුට වෙස්මුහුණු පැළඳවීමට ඉඩදිය යුතු නැහැ. ඒ වගේම විවිධ දර්ශන, සමාජ දේශපාලන විග්රහ කරලා මේ ප්‍රශ්ණය යට ගහන්න හොඳ නැහැ, සුදු හුණු ගාන්න හොඳ නැහැ මේ ත්රස්තවාදීන්ට. ඒ නිසා අපි හිතනවා මේ ත්රස්තවාදියා හඳුනා ගැනීමත් එහි තිබෙන සමාජ බලවේග හඳුනා ගැනීමත්, ඒ වගේම ඒ සඳහා කි‍්‍රයාකාරීව කටයුතු කිරීමටත් අපි ඉදිරිපත් කර තිබෙනවා මේ විද්වත් පිරිසත් සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙලක්.
මෙහි විශාල ආර්ථික බලපෑමක් මෙහි පෙනෙනවා. සංචාරක ව්‍යාපාරයට, අපි දන්නවා අපේ මහ බැංකුව පසුගියදා නිකුත් කළා මෙහි ආර්ථික බලපෑම. විශේෂයෙන්ම අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5%ක් පමණ සංචාරක ව්‍යාපාරයේ ඉන්නේ. ඍජු රැකියා ලක්ෂ 4 ක් වක්‍ර රැකියා ලක්ෂ 6 ක් පමණ අනතුරේ වැටිලා තියෙන්නේ. රජය දැන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අයට සහන ලබාදෙන්න. ඒ වගේම ආරක්ෂක වියදම් ඉහළ යාම නිසා අපේ අයවැය පරතරයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. නමුත් අපි එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේම අපේ ආර්ථික වර්ධන වේගයට මෙමගින් බලපෑම් එල්ල වෙන්න ඉඩ තිබෙනවා.
විශේෂයෙන්ම ආයෝජනවලට බලපෑම් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. ලංකාවට ආයෝජන එන්න තිබෙන ඉඩකඩ අඩුවෙන්න ඉඩ තිබෙනවා මේ සිදුවීම් එක්ක. ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වෙන්න ඉඩතිබෙනවා. ඒ සියල්ලෙම යම් විෂම චක්‍රයක් ආර්ථිකයට එල්ල වෙන්න ඉඩ තිබෙනවා මේ වැඩපිළිවෙලින්..
මේ රටේ මුස්ලිම් සමාජය. ස්වාධිනව සාමකාමීව සිටියා. නමුත් අපි පෙනෙනවා ඒ සමාජය ඇතුළේ ආර්ථික ප්රවණතා ගනණාවක් ඇතිවෙලා සමාජයේ ඉන්න යම් පිරිසක් රැඩිකල් ජිහාද්වාදීන් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා ලංකාවේ හේතු, විදේශ රටවල හේතු ආදිය නිසා. ඒ නිසා අපි පළමුවෙන් කළ යුතු දෙය වෙන්නේ මේ සිදුවීමට සම්බන්ධ කෙලින්ම හිංසාවාදී කි්රයාවන් කිරීම සඳහා සූදානම්ව සිටි ඒ ත්‍රස්තවාදී හැඟීම් සහිත ජිහාඩ්වාදී ඒ සටන් කාමී පිරිස් හඳුනා ගැනීමයි.
හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ප්‍රතිත්‍රස්ත ව්‍යාපාරයක් දියත් කිරීමයි. අපි යෝජනා කර තිබෙනවා සියළු ආරක්ෂක බුද්ධි අංශ ඒකාබද්ධ කරන්න. ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලයක් ඇති කරන්න, දැනටමත් එය කර තිබෙනවා. ඒ වගේම හොඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කරලා අපි ජනතාවට නිවැරිදි තොරතුරු ලබාදීලා, ජනතාවගෙන් නිවැරදි තොරතුරු ලබාගෙන මේ කටයුත්ත කරන්න.
මේ ප්‍රතිත්‍රස්ත ව්‍යාපාරය ඇත්තටම මම හිතන්නේ දෙතුන් සියයක් වැනි ඉතා සුළු පිරිසක් ඉන්නේ, ඒ වගේම සිරියාව වැනි විදේශ රටවල් වලින් පුහුණුව ලබපු. නමුත් මේ රටේ විසි ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාවක් ඉන්නවා. ඒ නිසා මේ 200 ක් මර්ධනය කරන්න ගිහින් විශාල හානි සිදු කර ගත යුතු නැහැ. ඒ නිසා හරියටම ත්‍රස්ත පිරිස් හඳුනාගෙන කි‍්‍රයා කළ යුතුයි.”

popular news
-
Champa Thursday, 02 May 2019 07:11 PM
සුළු පිරිසක්? මොන පිස්සුද? මුළු මුස්ලිම් සමාජයම මේ ගැන දැනුවත්. ඔවුන් සියලු දෙනා සූදානම් වෙලා හිටියේ. සිංහලයන් විතරයි අඳුරේ හිටියේ. අනිත් එක, මුස්ලිම් මිනිහෙක්ට මිනිමරුවෙක් වෙන්න ජිහාඩ් එකට බැඳෙන්න ඕනේ නැහැ. දැන් ඔය හොයා ගන්න හොඳින් මුවහත් කඩු, පිහි, අත් බෝම්බ තිබ්බ තැන වල හිටියේ ඔක්කොම ජිහාඩ් කාරයෝද? පිස්සු කතාවක්. සිංහලයන් තමන්ගේ රටේම අනාරක්ෂිත තත්වෙට පත් වෙලා තියෙනවා. හිතනවට වඩා තත්වේ දරුණුයි. මොකක්දෝ වාසනාවකට වෙන්න තිබ්බ මහා විනාශෙන් 1%ක් වගේ ප්‍රමාණයක් වෙලා ඉතුරු ටික වුනේ නැහැ. මුස්ලිම් මිනිස්සු උඩින් හොඳ හිත පෙන්නම් හිටියට යටින් වෙනස් කියන එක පෙන්නලා ඉවරයි. මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ මුස්ලිම් දේශපාලකයන්. ඔවුන් ඉතාම ජාතිවාදීයි. ඔවුන් එක හෙලා බැහැර කරන්න ඕනේ. ලංකාව ඇතුලේ වෛරය ක්‍රෝධය ජාතිවාදය වපුරන්නේ මුස්ලිම් දේශපාලකයන් මිසක් ජිහාඩ් කාරයෝ නෙමෙයි. මේ තරම් අමානුෂික ප්‍රහාරක් කරලත් මේ තරම් මිනිස්සු මරලත් මුස්ලිම් දේශපාලකයෝ එවුන්ව සුද්ධ කරන්න යන හැටි ලංකාවම දැකල ඉවරයි. සිංහලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම් දේශපාලකයන්ව ප්‍රතික්ෂේප කල යුතුයි.
Reply : 0 0
චමින්ද Friday, 03 May 2019 06:45 AM
මේ රටේ ජාතික නායකයෙක් නැහැ.2015 දී ජනතාව ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකට ඡන්දය දුන්නේ පවතින පක්ෂ භේදයට අකමැති නිසා.ජන්දයෙන් පස්සෙ පොදු අපේක්ෂකත් නැවත පක්ෂය බදාගත්තා.මේ රටේ පවතින පක්ෂක්‍රමය පවතිනතුරු මේරට අනාරක්ෂිතමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

