ජර්මනියේ අගනුවර නැවත විවෘත කිරීමෙන් සති දෙකකට පසුව බර්ලිනයේ පාසල් 41ක සිසුන්ට හෝ ගුරුවරුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
බර්ලීන් නුවර අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තොරතුරු විදෙස් වාර්තා වෙත සනාථ කර තිබූ අතර, සිසුන් සහ ගුරුවරුන් සිය ගණනක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තා වෙයි.
ජර්මනියේ බර්ලීන් නගරයේ පාසල් 825ක් ක්‍රියාත්මක වන අතර, මෙම වසංගත තත්ත්වය ප්‍රාථමික පාසල්, උසස් පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන වෙතද බලපෑම් කර තිබේ.
ජර්මනියද යුරෝපා කලාපයේ වෛරසය වඩාත් සාර්ථකව පාලනය කළ රාජ්‍යයක් ලෙස මුල සිටම කියවුණත්, මේ වනවිට එරට තුළ කොවිඩ්-19 වසංගතය යළි හිස ඔසවමින් ඇත්තේ සීමාවන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව වසංගතය අමතක කිරීම නිසාය.
ජර්මනියෙන් දැනට කොවිඩ්-19 ආසාදිතයන් 233,029ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 9,266කි.