ජපාන අභ්‍යවකාශ මෙහෙයුමක් සෞරග්‍රහ මණ්ලඩලයේ රයුගු ග්‍රාහකය වෙතින් පෘථිවියට ගෙනඑන ලද කැප්සියුලයේ තිබී කළු වැලි වැනි ග්රාහක දූවිලි අංශු හමුවූ බව විද්‍යාඥයන් පවසයි.
ජපානයට ගෙනැවිත් තිබූ හයාබුසා-2 මෙහෙයුමේ කැප්සියුලය ඔස්ට්‍රේලියාවේ කාන්තාරයට කඩා වැටීමෙන් සතියකට පසුව මෙම සොයා ගැනීම සිදුවිය.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) ලෝහ පෙට්ටිය තුළ කුඩා ද්‍රව්‍ය තැන්පත්ව ඇති ආකාරය පිළිබඳ ඡායාරූපයක්ද නිකුත් කර ඇත. මිනිසුන් රහිත විමර්ශනය සඳහා පෙර නොවූ විරූ හය අවුරුදු මෙහෙයුමක ප්‍රතිඵල පිළිබඳ ප්‍රථම දර්ශනයද එය විය.
කැප්සියුලයේ පිටත කවචයේ දූවිලි අංශු තිබී ඇති අතර, ඒජන්සි නිලධාරීන් පැවසුවේ අභ්‍යන්තර භාජනය විවෘත කළවිට වඩා සැලකිය යුතු සාම්පල සොයා ගැනීමට හැකිවූ බවයි.
මෙම සාම්පල රැස්කිරීම සඳහා හයාබුසා-2 යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 300ක් පමණ ගමන් කළ අතර, විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ ජීවයේ ආරම්භය සහ විශ්වයේ ආරම්භය පිළිබඳ මේ ඔස්සේ දැනුම තවදුරටත් පුළුල් කරගැනීමටය.