ජපානයේ ඉතිහාසයේ දීර්ඝ කාලයක් සේවය කළ ෂින්සෝ අබේ සෞඛ්‍ය හේතු දක්වමින් ඉල්ලා අස්වී තිබේ.
"මගේ ධුර කාලය තුළ තවත් වසරක් ගෙවී යාමට තිබුණද, මුහුණදීමට ඇති අභියෝග තිබුණද, මම අගමැති ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා" යැයි අබේ සිකුරාදා ටෝකියෝ නුවර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එසේම තමාගේ රාජකාරි ඉටු කිරීමට නොහැකි වීම නිසා ජපානයේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමටද ඔහු අමතක නොකළේය.
අබේ සුව කළ නොහැකි බඩවැල් ආශ්රිත රෝගයකින් පෙළෙන අතර එය 2007 දී අගමැති ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වීමටද හේතුවක් විය. සඳුදා උදෑසන අබේ ටෝකියෝ හි කීඕ විශ්ව විද්‍යාල රෝහලට ඇතුළත් වූයේ සතියක් තුළ ඔහුගේ දෙවැනි රෝහල්ගත වීම ලෙසිනි.
"අවුරුදු අටකට ආසන්න කාලයක් මම මගේ නිදන්ගත රෝගය පාලනය කළා. කෙසේ වෙතත්, මේ වසරේ ජුනි මාසයේදී මම නිරන්තරයෙන් පරීක්ෂා කර බැලුවා. රෝගයේ සලකුණු තිබෙනවා. මට අගමැති ධුරය දිගටම කරගෙන නොයා යුතු බවට තීන්දුවක් දුන්නා. මම රෝගයට එරෙහිව සටන් කළ යුතු අතර ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ජපානය ජනාධිපති ක්‍රමයක් නොවන අතර, ඒ වෙනුවට රටේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තෝරා ගනු ලැබේ. එබැවින් ඊළඟ පක්ෂ නායකයා කවුරුන් වුවත්, අගමැති වීමට පහසු මාවතක් තිබේ.