ජනාධිපතිතුමා දැන් කං කං බුරු සෙල්ලම කරන්න පටන් අරගෙන
“ මේ ජනාධිපතිතුමා අපි පොඩි කාලේ කරපු කං කං බුරු සෙල්ලම කරන්න පටන් අරගෙන. එතුම කැමති දේවල් කැමති වෙලාවට කැමති කෙනත් එක්ක තමයි ලු දැන් කරන්න ඕන. එහෙම ඒකාධිපති විදියට රට පාලනය කරන්න බෑ. ඒ තින්දුවලින් රටේ ජනතාව අමාරුවෙ වැටිල. නීතිවිරෝධි ආණ්ඩුවක් කරන්න ගිය මහින්ද රාජපක්ෂට දැන් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් උනේ“යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී රත්ගම එ ජා ප සංවිධායක සංජිව් කරුණාතිලක මහතා ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කර සිටියේය.
“නීතිවිරෝධි ආණ්ඩුව පාර්ලිමෙන්තුව වර්ජනය කරන්නෙ බහුතරය නෑ කියල දන්න නිසයි. කිසිම පනතක් සම්මත කරගන්න බැරි අබ්බගාත ආණ්ඩුව රටේ හෙට දවස අදුරු කරල.ජාතික දේශපාලනයම උඩුකුරු වෙලා මිත්‍රවරුණි. ශ්‍රී ලංකාව ගත්ත ණය 2019 වසරෙ දි ඩොලර් බිලියන ගණනක් පියවන්න ඕන. ඒ දේවල් කරගන්න බැරි උනොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. අපේ ආණ්ඩුවට තිබුණෙ දුර දැක්මක් තිබුණ ආර්ථික ප්‍රතිපත්තියක්.අපි සියල්ල හොඳින් සැලසුම් කරල තිබුණෙ. දැන් සියල්ල නැතිවෙලා.
“ මං කතාවක් අහල තියෙනව රජෙක් පිස්සෙක් උනත් එකයි පිස්සෙක් රජ උනත් එකයි කියල. දැන් මේ දෙකම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරනව.ඒ නිසා රටම අවුලෙන් අවුලකට පත් කරල.“ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “මැතිවරණයක් අනවශ්‍ය මෙහොතක ව්‍යවස්ථාව කනපිට හරවල දැන් මැතිවරණයක් කැඳවල. මිත්‍රවරුණි අපි මැතිවරණවලට බය දේශපාලන පක්ෂයක් නෙමෙයි. හැබැයි මේ අවස්ථාවේ රටේ අර්බුද ගණනාවක් නිර්මාණය කරපු මැතිවරණයකට රටේ සල්ලි යොදවන්න වෙලා. අහිංසක මිනිහෙක් එදාවේල හොයා ගෙන කන රටේ, සල්ලිවලට යටවුණු බල සුදුව තමයි දැන් මේ රටේ දේශපාලනය. රටම සුදුපිටියක් වේවි හෙට අනිද්ද මැතිවරණයෙන්“යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
Kumar Wednesday, 28 November 2018 10:37 PM
ජනාධිපතිතුමාගේ සෙල්ලමෙ "කන් කන් " කොටස කපාහැරල බූරූ කොටස ඉත්රිවෙලා තිබෙන්නෙ.
Reply : 0 2
dhamneth Thursday, 29 November 2018 06:22 AM
අමෙරිකවෙනම් අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා වරින්වර මානසික වෛද්‍ය පරීක්ෂණවලට වලට භාජනය වියයුතියි.ජනාධිපතිවරයා තම රාජකාරි කටයුතු කිරීම සඳහා හොඳ මානසික තත්වයෙන් සිටිනවද කියා සොයාබලනව.
Reply : 0 4
Sathyapala Samanalaya Thursday, 29 November 2018 03:04 PM
සමනලය තමන් කැමති මලට වහනවා වගේ , අනේ මන් දන්නාහ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
