ජනාධිපතිට අනතුරක් කිරීමට යම් පිරිසකට උවමනායි - සුසිල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් සිදුකිරීමට යම් කණ්ඩායමකට උවමනා වී තිබෙන බවට ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු ප්‍රකාශයක් සිදුකර තිබීම සම්බන්ධව ආරක්ෂක අංශවල බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13දා) පැවසීය.
රජයේ නායකයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී ඇතැයි පැහැදිලි වන බවත් ,මෙය සුළුකොට නොතැකිය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ යුද හමුදාපතිවරයා අතර හටගෙන ඇති මතගැටුම රටේ ආරක්ෂාවට අහිතකර අයුරින් බලපාන බවයි.
popular news
-
rocky Thursday, 13 September 2018 06:53 PM
මේ ඔක්කොම දන්නේ ඔබතුමා විතරයි වගේ. මහත්තයෝ, නිකම් නැති ලෙඩ රටට දීල මිනිසුන් කලබල කරන්නේ නැතුව , පින්සිද්ද වේවි, කිරි පැකට් එකක් ගහලා පැත්තකට වෙලා කට පියාගන ඉන්න. මේ ජනාධිපති තුමාට අනතුරක් කරන්න ඕන කමක් තියනවා නම් තයෙන්නේ පසික්කාට්ටු පොහොට්ටුවන්ට විතරයි!
Reply : 0 0
Champa Thursday, 13 September 2018 07:58 PM
අර හඬ පටේ ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕනේ. අදාළ කටහඬ අර කියන පොලිස් ලොක්කගේනම් මිනිහව වහාම arrest කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඕක මාධ්‍ය වලට කිව්වා මිනිහ කවුද නාමල් වගේ නමක් නේද? ඒ මිනිහවත් වහාම arrest කරන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් ඔය කතාව සැක සහිත නිසා. මාකඳුරේ මධුෂ්ට කියලා ජනාධිපතිවයි හිරපු ආරක්ෂක ලේකම්වයි ඉවර කරන්න කියපු එක හුඟක් බරපතල කතාවක්. ඒ වගේම ඕක ඒ දෙන්නද ඇත්තටම, නැත්නම් හිටපු ජනාධිපතිතුමාගේ ජිවිතයටද තර්ජනය කියන එක හිතන්න වෙනවා. ඒ මොකොද කිව්වා නම් ආණ්ඩුවට තියෙන ලොකුම හිසරදය ගෝඨාභයවත් ජනාධිපතිවත් නෙමෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එහින්ද එතුමාගේ ආරක්ෂාව තර කරන්න ඕනේ. ජනාධිපතිතුමා වටේ ඉන්නේ ගෝඨාභයගේ මිනිස්සු නම් ඉතින් අවිශ්වාස කරන්න දෙයක් නැහැනේ. ගෝඨාභය ඒගොල්ලන්ව recommend කරන්න ඇතිනේ. මට ඔය කතාව සැක 1. සක්‍රිය සේවයේ ඉන්න පොලිස් නිලධාරියෙක් මේ නිකම් පඟර නැට්ටෙක් එක්ක ඔය තරම් බරපතල් කතාවක් දුරකතනයෙන් කරයිද? 2. මේ පඟර නැට්ට කවුද ඇත්තටම? 3. අර පොලිස් ලොක්ක මේ තරම් දේවල් කරව ගන්න මේ යකා ලොකු කෙරුමෙක් වෙන්න එපාය. මිනිහ කවුද? මින්හවයි arrest කරන්න ඕනේ ඉස්සෙල්ල.
Reply : 0 0
Nandana Thursday, 13 September 2018 08:50 PM
ඔයා පාඩුවේ ඉන්න අපි ජනාදිපතිට ආදරේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

