ජනවාරි 8 තිබුණ මිලට වඩා මොනවද වැඩි
2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව මිල වැඩිවී ඇත්තේ කුමන භාණ්ඩවලද යන්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රශ්න කරයි.
රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කළාය.
“එදා 2015 ජනවාරි 08 වැනිදාඅපි ආණ්ඩුව ගන්න කොට තිබුණු මිලට වඩා අද මේ රජය මොනවාද වැඩි කරලා තියෙන්නේ?පෙට්‍රල්, ඩීසල්, අල, පිරිප්පු මොනවා හරි වැඩි වෙලා තියෙනවාද? අවුරුදු 20ක් තිස්සේ ආණ්ඩු කළේ නැහැ වගේ අපිට චෝදනා කරනවා.හැබැයි ඉතිං මේ හැම එකක්ම පුස්සක් වෙලා තියෙන්නේ” යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
popular news
-
ranga Tuesday, 11 September 2018 09:36 AM
අනේ මොනවත් වැඩිවෙලා නැහැ ,ඔබතුමාලගේ පඩි හැර
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

