ජනවාරි 08දාට පසු වහා ජනපතිවරණයක් පවත්වන්න
2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා 'අද' පුවත්පතට පැවසීය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටු වූ මෛත්‍රී - මහින්ද රජය නීත්‍යනුකූල නොවන බවත්, නිත්‍යනුකුල රජය එක්සත් ජාතික පෙරමුණ රජය බවත් චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
වත්මන් රජය නීත්‍යනුකූල නොවන රජයක් බැවින් එම රජය ලබාදෙන නියෝග පිළිනොගන්නා ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවෙන්ද ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
වත්මන් දේශපාලන අස්ථාවරභාවය විසඳාගැනීමට සුදුසුම අවස්ථාව ජනාධිපතිවරණයකට යෑම බැවින් වහාම ජනාධිපතිවරණයකට යොමුවන ලෙස තමා ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

popular news
-
සෙනෙවි Friday, 09 November 2018 10:31 AM
එතකොට ඔය පැත්තෙන් ඉල්ලන්නේ ඔහේද ?
Reply : 0 0
Champa Friday, 09 November 2018 06:13 PM
ඒක හොඳයි. පුළුවන් ඉකමනට ජනාධිපතිවරණයකට ගිහින් මෛත්‍රීව අයින් කරන්න ඕනේ. මෛත්‍රීට විරුද්ධව ආලවකයා චන්දෙ ඉල්ලුවත් මම සහයෝගය දෙන්නේ ආලවකයට මිසක් මෛත්‍රීට නෙමෙයි. මහින්දටයි විමල්ටයිත් හොඳ පාඩමක් උගන්වනවා මෛත්‍රීව ඉස්සර කරගෙන ආවොත්. 60% විතර මෛත්‍රීට විරුද්ධයි දැනටම. ඒ හින්ද මෛත්‍රීට විරුද්දහ්ව කවුරු ඉල්ලුවත් දිනනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

