ජනබලයේ කිරි පැකට් වෙන්නප්පුව උණුසුම් කරයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා කොළඹදී සංවිධානය කළ ජනබල උද්ඝෝෂණයට සහභාගි වූ වෙන්නප්පුව ජනතාවටද ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් හා ඇමතිවරුන් කුමන්ත්රණකාරී ලෙස විෂ සහිත කිරි පැකට් ලබා දීම හේතුවෙන් එය පානය කිරීම නිසා අපහසුතාවට පත් වූ බව පවසමින් වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා විරෝධයක් පෑමත් සමග එහි දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.
මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් ඇලෙක්ස් ශාන්ත මන්ත්රීවරයාට චෝදානා කළේ බොරු සන්දර්ශන නොපෙන්වා නීති ක්රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුද මන්ත්රීවරයාගේ සහායට එක්වෙමින් යහපාලන ආණ්ඩුව ජනබලයට බියවී කළ නින්දිත ක්රියාවක් බව පවසමින් විවිධ චෝදනා එල්ල කිරීමත් විපක්ෂයේ මන්ත්රීවරුන් එයට විරුද්ධව අදහස් දැක්වීමත් සමග සභාවෙහි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
නයිනමඩම චන්දන ප්රනාන්දු


popular news
-
dayan Thursday, 13 September 2018 06:52 PM
මේ ගොල්ලෝ හරි පෙරේතයෝ. නොහදුනන අය දෙන දේවල් කනවා. කාල නටනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

