ජනබලයට සෙනග ආවේ නාමල් නිසා නෙමෙයි - බැසිල් සිටියනම් තවත් සාර්ථකයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ජනබලය විරෝධතාව මීටත් වඩා සාර්ථක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එම විරෝධතාවයට ජනතාව පැමිණියේ නාමල් රාජපක්ෂ හෝ විමල් වීරවංශ නිසා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනබලය විරෝධය 05 වැනිදා රාත්‍රිය පුරා පවත්වන බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් පුද්ගලික අදහස් ඉදිරිපත් කර තිබුණු බවත් රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
popular news
-
Champa Monday, 10 September 2018 10:20 PM
බැසිල් කඩාකප්පල් කරේ නැත්නම් ඔයිට වඩා හුඟ එනවා. එයාට ඕනේ වුන එයා නැතුව සෙනඟ ගේනන බැහැ කියලා පෙන්නන්න. ඔය විරෝධතාව විතරක් නෙමේ ඊට කලින් විමල් කරපු එකත් කඩාකප්පල් කරේ බැසිල්. මුලින්ම නුගේගොඩට මිනිස්සු ආවේත් මහින්ද වෙනුවෙන් තමයි. හැබැයි කවුරුවත් බස් වලින් ගෙනාවේ නැහැ ගෝල්ෆේස් එකට වගේ. මිනිස්සු ආවේ ස්වේච්චාවෙන්. තමන්ම බස් අරන් සංවිධානය වෙලා මිනිස්සු ආවේ. එතකොටත් බැසිල් හිටියද? පාගමනට නුවර ඉඳන් කොළොඹට මිනිස්සු එකතු වුනේ පාරට ආවේ දන්සල් දුන්නේ පෙළපාලියේ යන මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් වල washroom පාවිච්චි කරන්න ඉඩ දුන්නේ කවුරුවත් සංවිධානය කරලා නෙමෙයි. මිනිස්ස් ඒවා කලේ ස්වේච්චාවෙන්. එතකොටත් බැසිල් හිටියද? නිකම් බයිලා නොකිය ඉන්න. ඔයා කරන්නේ බැසිල්ගේ කොන්ත්‍රාත්තුවක්. හැබැයි අරමුණ මහින්දව දුර්වල කිරීම, මානසිකව වැට්ටීම සහ ඊට පස්සේ මහින්දව පස්සට දාල බැසිල්ව ඉස්මතු කරගැනීම. බැසිල් මහින්දගේ බලය දුර්වල කරනවා. දැන් බිම්මට්ටම බැසිල් අල්ලන් ඉන්නේ. මම මහින්දට කිව්වා (ලිව්වා) ඕක වෙන බව. JO එක හතර අතට බෙදිලා. හැබැයි හිටපු ජනාධිපතිතුමාට ඕක ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් වචන කීපයකින්. මම ඒ ගැන වෙන තැනක ලියනවා.
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

