ජනබලයට කිරිපැකට් දුන් වෑන් රිය NLB යේ
ජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (10දා) පැවසීය.
නාරාහේන්පිට මිල්කෝ ආයතනයෙන් කිරිපැකැට් ලබාගත් එම වාහනය සිරිකොතට පැමිණ බත්තරමුල්ල හරහා වොක්ෂෝල් වීදියට පැමිණ ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයාගේ උපදෙස් පරිදි මෙම වාහනය නිකුත් කර තිබූ බවත්, 05 වැනිදා පෙරවරුවේ එම වෑන් රථයට අනුයුක්ත කර සිටි රියදුරා ඉවත් කර කිලෝමීටර් 43ක දුරක් කිරිපැකට් තොගය ප්‍රවාහනය කර තිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.
රජයේ වාහනයක්, රජයේ රියදුරෙකු, රජයේ ඉන්ධන යොදාගෙන රජයේ ආයතනයක් වන මිල්කෝ සමාගමෙන් කිරිපැකැට් ලබාගෙන සිරිකොත හරහා සිදු කළ වංචා සහගත ක්‍රියාව සම්බන්ධව සියලු තොරතුරු තමන් සතුව තිබෙන බවත්, ඕනෑම අධිකරණයකට එම තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.
මිල්කෝ සමාගමේ කිරිපැකැට් ගෙනයෑම, ලොතරැයි මණ්ඩලයේ වෑන් රථයක් යොදා ගැනීම, වස මිශ්‍ර කිරීම සම්බන්ධව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, මෙම ආයතන භාර මංගල සමරවීර, විජිත් විජිතමුණි සොයිසා යන ඇමතිවරුන් ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.


popular news
-
Champa Tuesday, 11 September 2018 03:14 PM
ඔන්න තියෙනව. කෝ මේවට පරීක්ෂණ. මේක විහිළුවක් නෙමෙයි. විෂ කිරි පැකට් නිසා ජීවිත හානි වෙන්නත් තිබ්බ. ඒ නිසා මිනීමැරීමට තැත් කළා කියලා මේක මෙහෙයවපු හැමෝම, රනිල්, මංගල, ලොතර්යි මණ්ඩලයේ ලොක්ක, තව මුජිබර්, මිල්කෝ අලවි නිලධාරී හැමෝමගෙන් පොලිසිය කට උත්තර අරගන්න ඕනේ. බඩු දකින්නෙත් නැතුව, තමන් බොන්නෙත් නැතුව, රෝගීන්ගේ ලේ සාම්පල් පරික්ෂාවකුත් කරන නැතුව මුජිබර් කොහොමද මේ කිරි පැකට් expired කියලා දන්නේ කියන එක ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනේ. පොලිස්පති තුමා "අවශ්‍ය බලය" යොදල මේ ගැන හොයන්නේ නැත්තේ ඇයි?
Reply : 5 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

