ජනබලය දෙවැනි අදියර මහනුවරට
ඊළඟ ජනබලය උද්ඝෝෂණය මහනුවරදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06දා) පැවසීය. එය පවත්වන දිනය, වෙලාව හා ස්ථානය පසුව දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
සැලැස්මක් සහිතව කොළඹට පැමිණි ජනබලය උද්ඝෝෂණය සාර්ථක අයුරින් අවසන් කළ බවත්, ආණ්ඩුව දිගින් දිගටම එම උද්ඝෝෂණය හෑල්ලුවට ලක්කළහොත් ජනතාව දැඩි තීන්දුවක් ගනු ඇති බවත්ය හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.
එම උද්ඝෝෂණයට පැමිණි ජනතාවට මත්පැන් බෝතල් ලබානොදුන් බවත්, ජලබෝතල් පමණක් ලබාදුන් අතර, ආණ්ඩුවේ කණ්ඩායම් විසින් මත්පැන් බී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවත් නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී කාලයේදී විරෝධයට සම්බන්ධවූයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තිබියදී බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම උද්ඝෝෂණයට එක් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙම උද්ඝෝෂණයට බස්රථ 3250කින් ජනතාව ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගි වූ බවයි.
ජනබලය උද්ඝෝෂණයෙන් කොළඹ අකර්මන්‍ය කරන බවට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ බවත්, ඒ ආකාරයට ජනතාව පුරවා උද්ඝෝෂණය සාර්ථක කිරීමට හැකි වූ බැවින් ඊයේ රාත්‍රී 12.00න් පසුව විරෝධය අවසන් කිරීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
පොලීසිය උද්ඝෝෂකයින් සමග ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ කළද එවැනි ගැටුම්වලට මැදිහත් නොවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ උද්ඝෝෂණය කිලෝමීටර් 24ක් දිගට ඇදී තිබුණු බවත්, රාත්‍රිය පුරා ඇදී ගිය ලංකා ඉතිහාසයේ එකම උද්ඝෝෂණය මෙය බවත්ය.
ඊයේ දිනයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සැඟවී සිටි බවත්, මංගල සමරවීර ඇමතිවරයා සිංගප්පූරුවට ගොස් තිබුණු බවත් පැවසූ ගම්මන්පිල මහතා මහජන දිනයක් වූ ඊයේ දිනයේදී ඇමතිවරු කිසිවෙකු කාර්යාලවලට වාර්තා කර නොතිබුණු බවද පැවසීය.
popular news
-
Lion Thursday, 06 September 2018 05:54 PM
කරුණාකර නුවර ඉන්න අපට කරදර කරන්න එපා
Reply : 0 0
ratwatte walawwe seneviratne bandara Friday, 07 September 2018 08:44 AM
මහින්දානන්ද මහතාta කරුණාකර නාවලපිටියේ පදු නීදෙයෝ සමඟ එක්වෙලා ජනබල කරගන්නවා. අපේ මහනුවර නගරය වනසන්න දෙන්න බෙහෙ. නුවරට පල හොරු එපා. පිස්සියක් බැඳගෙන රජ කියල හිතන්න එපා. නුවර නෙටුවොත් බලාගෙනයි පද්දෝ
Reply : 0 0
rocky Friday, 07 September 2018 05:48 PM
අනේ මහත්තයෝ, රාත්‍රියේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අතේ ගෙන යා හැකි කක්කුස්සි ටිකකුත් නුවරට අරන් එන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

