ජනබලය කොළඹට පවත්වන ස්ථානය තවමත් තීරණය කර නෑ
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳ ඊයේ (28දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ලබන 03 වැනිදා යළි පවත්වා අවසන් තීරණයක් ගැනීමට පක්ෂ නායකයන් එකඟතාවකට පැමිණි බවද මන්ත්රීවරයා මෙහිදී සඳහන් කළේය.
සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන මෙම විරෝධතාවේ සංවිධාන කටයුතු සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදුකළ බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.
මාර්ග කිහිපයකින් කොළඹට පැමිණෙන ජනතාවට එක්ව රැලියක් පැවැත්වීම සඳහා වඩා ඉඩකඩ ඇති ස්ථානයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි පක්ෂ නායකයන්ගේ අදහස වූ බවද ඒ මහතා ප්රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (28දා) සවස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.

popular news
-
Nandana Wednesday, 29 August 2018 05:33 PM
එඩ්රස් නැතෝ
Reply : 0 0
rocky Wednesday, 29 August 2018 06:44 PM
හොඳට ඉඩ කඩ තියන තැනක් හැටියට බේර වැව තෝරා ගන්න. ඒකෙත් ඉඩ මදිනම් මහ මුහුද තියෙන්නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

