ජනපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂය අතර යළි සාකච්ඡාවක්
ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර නැවතත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට දෙපක්ෂයම මේ සතියේ එකඟතාව පළකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.ය අතර පවත්නා අර්බුද උග්‍රවීමත් සමඟ මෙම සාකච්ඡා යළිත් වරක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
පසුගිය කාලයේ එස්.බී. දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මහින්ද මෛත්‍රී අතර එකඟතාවක් ඇතිකිරීමට කතාබහක් ඇති වුවද අනපේක්ෂිත ලෙස එම කතාබහ අතරමග බිඳ වැටුණි. එනිසා මෙවර සිදුකෙරෙන සාකච්ඡාව කිසිදු දේශපාලන (කපුවකු) ගේ සහාය නොමැතිව ඉහළම නායක මට්ටමින් සිදුකිරීම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
කිසියම් නිශ්චිත දේශපාලන වැඩසටහනක් හා කාලසටහනක් අනුව මෙවර සාකච්ඡා සිදුකිරීමටද සැලැසුම් කර ඇති බව සඳහන්ය. දෙසතියකින් පමණ මෙම සාකච්ඡාව හමාරකොට තීරණයකට එළැඹීම මූලික යෝජනාව බව වැඩිදුරටත් වාර්තා වෙයි.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය)

popular news
-
weliweriye dil Sunday, 21 October 2018 02:15 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!! ඉක්මනින්ම පරලොව සැපත් වේවා !!!
Reply : 0 0
Champa Sunday, 21 October 2018 06:03 PM
යන්න යන්න ආපහු සාකච්චා කරන්න. දැන් ඒකාබද්ධ විපක්ෂේ ආපහු වැඩ කරන්නේ බැසිල්ගේ plan වලට. හැබැයි මේ පාර සමහරවිට ඒකාබද්ධ විපක්ෂය කලින්ටත් වඩා ප්රජාතන්ත්රවාදී වෙලා කියයි මහින්දට අගමැතිකම ඕනේමත් නැහැ අපි "රට වෙනුවෙන්" UPFA පාර්ලිමේන්තුවේ කණ්ඩායම සමඟ එකතු වෙන්නම් කියලා. ඊට පස්සේ වෙන්න පුළුවන් පළවෙනිම එක තමයි UNP සහ JVP එක එක්ක එකතු වෙලා දෝෂාභියෝගයකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එක. JVPදැනටම. මෛත්‍රීට කලින් දැන ගන්න ලැබුනොත් මේකට සම්බන්ධ SLFPකාරයන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන්න පුළුවන් වෙයි. හැබැයි එක පාරට වුනොත් මුකුත් කරගන්න බැරි වෙනවා. මම සම්පූර්නයෙන්ම විරුද්ධයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එකට. ඒක නොතිබුන නම් රනිල් මෙලහට ලංකාව ඉන්දියාවටම ලියලා දීල. අනිත් එක ACSA එක. බැසිල්/පොහොට්ටුව කැමති නැහැ ජනාධිපතිවරණයකට. ඒ මහින්ද හැරුනහම අනිත් කිසිම රාජපක්ෂ කෙනෙකුට ජනාධිපතිවරණයක් දිනන්න බැරි නිසා. මහින්දගෙන් පස්සේ රාජපක්ෂ මහත්වරුන්ට දිගටම බලයේ ඉන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවට බලය ලැබුනොත්. හාමුදුරුවරුත් අර සභාග ආණ්ඩුවට වගේ මේ පාරත් රැවටෙයිද දන්නේ නැහැ පොහොට්ටුවේ මේ ව්‍යායාමය රට වෙනුවෙන් කියලා?
Reply : 0 0
Lanka Perera Sunday, 21 October 2018 06:32 PM
අනේ මෙහෙම තණ්හාවක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

