මෙවර ජනපතිවරණයට වාර්තා ගත අපේක්ෂකයන් 35ක් ඉදිරිපත්ව ඇති හෙයින් ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්රමාද වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා නිවේදනයනක් නිකුත් කරමින් පවසයි.
ඊට අමතරව ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීම හේ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදුවීම ඇතුළු ක්රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදුවෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
මේ අනුව ජනපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත ප්රමාණයට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
