ජනපතිවරණයයි මහ මැතිවරණයයි එකට පවත්වන්න - පාඨලී
ජනපතිවරණයයි මහ මැතිවරණයක් එකට පවත්වන ලෙසට තමන් ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අපි මහින්දට කියනවා. වැඩි කල් නෑ 70 ලක්ෂයකට වැඩි ජනතාවක් ඔබලව ඒළවන්න ලෑස්තියි. මෛත්‍රීපාල මහත්තයා කිව්වා 113 ලෑස්තියි කිව්වා. ඊයේ තිබ්බා ඡන්දේ අපිට 122 යි. රාජපක්ෂට බිංදුවයි.
ඒකෙක් ඡන්දේ දුන්නේ නෑ. මේ රටේ නිකන් හදලා තිබුණා බොරු ෂෝ ඒකක්. මහින්ද රාජපක්ෂයට සෙනග අදින්න පුළුවන් කිව්වා. ඒ යුගය ඉවරයි. අද මහින්ද මහත්තයා ලොකු කතා කියනවා. බටහිර රටවල් ඉදිරියේ අපි දණගහවලු. ගෝඨාභය ඩඩ්ලි බැසිල් ඇමෙරිකන් පුරවැසියා. අපි දණ ගහන්නේ ඒක තැනකදී විතරයි. ඒ ජනතාවගේ බලය. ඒක තියෙන්නේ මෙතනයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති කෙනෙක් පිල් මාරු කළා. ඒකට ලබන පාර අපි පිළිතුරු දෙනවා. අපි ඡන්ද 10කට ලෑස්තියි. ප්රජාතන්ත්රවාදී ඡන්ද වලට අපි ලෑස්තිය. අපිට ජනපතිවරණයයි මහ මැතිවරණයි එකට දෙන්න.
පුළුවන් නම් මෛත්‍රීව ජනපති තරගයට දාලා අගමැති මහින්ද කරලා. ඔය ඩබලම පරද්දනවා. එකෙක්වත් පස්සට යන්නේ නෑ. බය වෙන්නේ නෑ. මීට වඩා බලගතු බලවේග වලට මුහුණ දීලා තියෙනවා. කෝ දැන් ගෝඨාභය. වීරයා හැංගිලා. ඇමෙරිකාව කිව්වා විතරයි වීර ගෝඨාභය හොයා ගන්නත් නෑ”

popular news
-
Champa Thursday, 15 November 2018 04:21 PM
අම්මෝ ජනතාව මොන විදිහටකටවත් මේ වගේ ජනාධිපති කෙනෙකුයි මේ වගේ පාර්ලිමේන්තුවකුයි නම් කීයවත් ආයේ පත් කරන්න එපා. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට අලුත් මිනිස්සු 225ක් ගෙන්න ඕනේ. දැන් ඉන්න 225ම ගෙදර යවන්න ඕනේ.
Reply : 0 52
Deepal Nirosh Thursday, 15 November 2018 08:31 PM
මහ මැතිවරණය පිළිබඳ තීරණය අධිකරණය හමුවේ තියෙන්නෙ. ජනපතිවරණයකට තව අවුරුද්දක් තිබෙනවා බොරු කයිවාරු නැතුව ප්‍රමාද කරපු පළාත් සභා ඡන්ද ටික තියන්න පුළුවන්නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

