ජනපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද පවත්වන්න - දයාසිරි
පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් පළාත් සභා මැතිවරණය තවත් මාස හය හතකින් කල් යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරණයෙන් මාස තුනකට පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවත්, පළාත් සභා ඡන්දය ගැන කතා කිරීමට සිදුවන්නේ ඉන්පසුව බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
එහෙත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළ පාර්ශ්ව කටයුතු කළහොත් මෙම තත්ත්වය වළක්වාගෙන පළාත් සභා ක්‍රමය සුරක්ෂිත කර ගතහැකි බවත් අද (30 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජයසේකර මහතා සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 31 July 2019 05:32 AM
මෙච්චර කල් අවුරුදු ගණන් උඩ බලන් ඉඳල ජනාධිපතිවරණයකට මාස තුන හතරක් තියෙද්දී දැන් කියනවා පළාත් සභා තියන්නලු. දැන් මේක තියන්න හදන්නේ ආයේ මහින්දව blackmail කරන්න. මෛත්‍රීගේ ලනුව කාල අගැමතිකම ගත්ත එකටත් වඩා වැඩේ, මෛත්‍රී, නීති විරෝධී බව දැන දැනම පාර්ලිමේන්තුව බොරුවට විසුරුවපු වෙලාවේ මහා හදිස්සියකින් මහින්දව පොදු ජන පෙරමුණට බඳවා ගත්ත එක. ඒක කුමන්ත්‍රණයක්. එහෙම කරන්න මහින්දව පොළඹවපු මිනිහ තමයි ඒ කුමන්ත්රණයේ මෛත්‍රීගේ හවුල්කාරය. එහෙම කලේ මහින්දව මෛත්‍රීගේ අත යට තියා ගන්න පාර්ලිමේන්තු ආසනේ නැති කරන්න පුළුවන් කියල. අන්තිම එක, ඒ කියන්නේ පොදුජන පෙරමුණට බන්දවා ගන්න ඕනේ නිසා තමයි අගැමති කම ඉස්සෙල්ල දුන්නේ. හරියට 2015 UPFA එකෙන් චන්දෙ ඉල්ලන්න කියල blackmail කරා වගේ. ඊළඟට වෙන්න පුළුවන් මොකක්ද? හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කියල කියන්න කියල blackmail කරන්න වුනත් පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

