ජනපතිතුමාට අවශ්‍ය ලෙස කටයුතු කරන්න බැරිවුණා
පසුගිය කාලයේ ජනාධිපතිවරයාට පවතින අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට නොහැකි වූ බවත් එයට ඉඩ නොලැබුණ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.
එසේම ඇතැම් අය කියන විදිහට බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැරියේ කිසිවෙකුගෙන්වත් පළි ගැනීමට නොවන බවත් ඒවැනි අදහසක් නොතිබුණ බවත් තලතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය.
පසුගිය ආණ්ඩුව ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කර ගත් නමුත් අද වන විට නීතිය නීතිය ආණ්ඩු පක්ෂයේ හ විපක්ෂයේ අයට එකම ආකාරයකින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරිය පැවැසුවාය.
වර්තමානය වන විට මත් කුඩු ජාවාරම නිසා දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් වසර 20 ක කාලය තුළ නීති විරෝධි සංක්‍රමණික කේන්ද්‍රස්ථානයක් බවට රට පත්වී ඇති බවත් ඇය පැවැසුවාය.
පොලොන්නරුව ජනාධිපති වැඩ සටහන යටතේ ඉදි කළ අරලගංවිල අලවාකුඹුර මහා විද්‍යාලයේ සෞන්දර්යය ඒකකය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊයේ එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

popular news
-
Champa Saturday, 04 August 2018 05:30 PM
පවතින අවශ්‍යතාවයට අනුව කටයුතු කරන්න බැරිවුනා කියන එකට කියන අනිත් නම නොහැකියාව සහ නොදත්කම. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ජනාධිපතිව මොඩය කරගෙන. විධායක ජනාධිපතිවරය්ගේ බලතල දීල තියෙනවා කොමිසම් වලට. විධායකය අගමැතිවරයාට යටත් කරලා තියෙනවා. දෙකම ව්‍යවස්ථා විරෝධීයි. 19 වෙනි සංශෝධනයේ සමහර ඒවා 2/3 න් සම්මත කරගෙන නීතියට ඇතුලත් කරගන්න පුළුවන් වුනාට සමහර ඒවා එහෙම බැහැ. උදාහරණයක් විදියට ජනාධිපතිවරයාගේ විධායක බලතල වෙන කාට හරි පවරන්න 2/3 සහ ජනමත විචාරණයක් යන දෙකම ඕනේ. ජනාධිපතිවරයෙකුගේ මුක්තිය අයින් කරන්න බැහැ පාර්ලිමේන්තුවේ 2/.3 චන්දෙන්. විධායක ජනාධිපතිවරයාව අයින් කරන්න තිබුන එකම විදිහ දෝෂාභියෝගය. එහෙම නැතුව තියෙන ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල කොටස් වශයෙන් මෙහෙම ඉවත් කරන්න, අඩු කරන්න පාර්ලිමේන්තුවට බලයක් නැහැ. තව ඕනේ නම් තියෙනව කියන්න. ඒ වුනාට ඒවා අපිට අවාසි විදියට පාවිච්චි කරන්න පුළුවන් හින්ද කියන්නේ නැහැ. මෝඩ ජනාධිපති. රනිල්ගේ ලනුව කෑව.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

