ජනපතිත් රෝමයේ නීරෝ වගෙයි - රාජිත
ජනපතිවරයාට කැමති පුද්ගලයෙක් අගමැති ලෙස පත්කළ හැකි බවට වන ප්‍රතිපාදයක් ව්‍යවස්ථාවේ නොමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගන්නා මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද (04දා) අරලිය ගහ මන්දිරියේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“එතුමට වැඩකරන්න පුළුවන් අගමැති පත්කරන්න නෙමෙයි ව්‍යවස්ථාවේ කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් කැමති පුද්ගලයෙක් තමයි අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන්න පුළුවන්.
එතුමා කියනවා තදින් හිටියොත් එතුමා අයින් වෙනවා කියලා. ඒක කරන්නත් පුළුවන් එතුමටයි. ව්‍යවස්ථාව අනුව තව තිබෙනවා දෝෂාභියෝගක්. එකෙන් කරන්න පුළුවන් ඉවත් කරන්නයි.
මේ රටේ අමාත්‍යාංශයක අමාත්‍යවරයෙක් නැතිව කිසිම තීන්දුවක් ක්‍රියාත්ම වෙන්නේ නෑ. රට විශාල ලෙස ගැටලුවකට යනවා. ඊයේ වන විට මහනුවර රෝහලේ පිළිකා ඖෂධ කිසිවක් නෑ. ජනපතිතුමා එයාට ඕන අගමැති කවුද කියලා තෝර තෝර ඉන්නවා. මේ ඉතිහාසයේ දෙවැනි අවස්ථාවේ. පළමු කෙනාරෝමයේ නීරේ. රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර හිටියා.
මෙතුමත් එහෙමයි. එතුමට ආණ්ඩු දුවවන්න කිව්වාම එතුමා පක්ෂ සම්මේලනයට යනවා. එතුමා කතා කරලා එනවා. මෙහෙම රට දුවන්න බෑ. ”

popular news
-
rocky Tuesday, 04 December 2018 04:42 PM
පිස්සුද මහත්තයෝ, නීරෝට වුනත් යම් යම් හැකියාවන් තිබුන. සංගීතය, පද්‍ය රචනය වගේ අන්සවලින් ඔහු දක්ෂයෙක්. රෝමයට ඔහු ගිනි තැබූ කතාව බොරුවක්. එය සිදුවන විට ඔහු රෝමයේ සිටියේත් නැහැ. සුවෙටෝනියස්, සහ ටැසිටස් ගේ ගේ ඉතිහාසය කියවන්න. අනාතවූ මිනිසුන්ට ඔහු සහන නොමසුරුව ලබාදුන්නා. නගරය අලුතෙන්ම ගොඩ නැගුවා (චීනයෙන් ආධාර ලබා ගන්නේ නැතුව!) ඔහු ජරා මිනිහෙක් තමයි. එත් ඔහු සමග සසඳන කොට අපේ ඇති ගරු ජනාධිපති තුමා මොන සිපයියෙක්ද? දිව දෙකේ කබරයෙක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

