ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ නෑ
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අග්රාමාත්යධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් තිබෙනවානම් තනි තීන්දු ගන්නේ නැතිව, සාකච්ඡා කරලා ප්‍රශ්ණ විසඳගැනීමට අපි පරිණත දේශපාලඥයින් ලෙස කටයුතු කළ යුතුයි.
අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කළ කරුණු කාරණා. ඒ සියල්ලම හදවතට ගත්තා. ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්න ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝගයක් ගේන්න අපි කතා කළෙත් නෑ. සාකච්ඡා කළෙත් නෑ.
ඒවා කරන්න බලාපොරොත්තුවක් නෑ. විවිධ ආවේග ශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් එක්ක අපෙන් හා අනෙකුත් පාර්ශ්ව වලින් විවිධ උණුසුම් වචන පිටවුණා.
කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නවත් ඔබතුමාගේ දරු පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ.
ඔබතුමා පොඩි තැනකින් ඇවිත් ලොකු පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපතිතුමා නිසා . ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැක ගැනීමට අපි කටයුතු කරනවා.”

popular news
-
Saththaya Monday, 17 December 2018 10:17 AM
එන හැටිනම් හොද නැහැ , කෙල්ල ගෙට ගනින් කිව්වලු . විහුලු කර කර ඉන්නවත් , ජනතාවගේ කාලය නාස්ති කරලා , ජනතාව හිගමනයට පත් කරන්නවත් නෙමෙයි තනතුරු වලට චන්දය දෙන්නේ . රටේ යහපත් පුරවැසියන්ට ආදර්ශයක් දෙන්න . බලයට තියන තන්හාවට රට අගාදයට දාන්න එපා . අපිට වැරදි කරන්න බැහැ . වාසියට වැරදි කාරයන්ව සහ පවුල් බේරන්න යනවා කියන්නෙත් වාසියට වැඩ කරන කට්ටිය . බලයට තන්හා කට්ටිය . ඔය දේවල් අයිති නීතියට සහ ධර්මයට . වෙන කිසි කෙනෙකුට බේරන්න බැහැ . රටේ නීතියට ගරු කරන්න . යහපත් පුරවැසියෙක් වෙන්න .
Reply : 0 49
Malaka Monday, 17 December 2018 10:46 AM
Ratath ekka sellam karanna katath aithiyak naha, දෝෂාබියෝගයක් ගෙනත් ජනදිපතිව අයන් කලේ නැත්නම් ,,අපි ඔයාලව ඉවත් කරනවා.
Reply : 155 132
Lion Monday, 17 December 2018 10:46 AM
ඔබ මොනවද ඔය kiyanna කතා .ජනපති කතාකරන්නේ මම සුදන කියල .මෙතරම් විනාසයක් කරලා මෙයාට ගැලවිලා යන්න දෙන්න එපා
Reply : 102 38
lion Monday, 17 December 2018 01:52 PM
මෙයාගේ මොලේ නරක් වෙළද . මෙයා දාපු හොර ඩීල් වල තරම තේරෙනවා. මේවගේ කෙනෙක්ද UNP එකේ නායක කමට ගන්න හදන්නේ, මෙයාගේ ඔලුව අතගාල බලන්න ඕනේ අන් ඇවිල්ලද කියල.
Reply : 106 44
siri Tuesday, 18 December 2018 09:55 AM
මහත්තයෝ හැන්ද තියෙන්නේ අපේ අතේ ඩීල් එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

