ජනපතිට අගමැතිට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි
කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පකෂ්යේ හිටපු මහලේකම් තිස්ස අත්තානයක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව එළැඹෙන ඔක්තෝබර් 09දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය
එම නඩුවට අදාළව අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කිරිමට මිට පෙර කටයුතු කෙරිණි..
කෙසේ වෙතත් නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප් පීරිස් මහතා සඳහන් කළේ අද දිනයේදි කැබිනට් රැස්විම පැවැත්වෙන හෙයින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් ලිඛිතව දන්වා ඇති බවයි.

popular news
-
නිමන්ත Tuesday, 24 July 2018 03:53 PM
දැන් අවස්ථා හතරක්ම මේ දෙන්න අධිකරණයට පැමිණීම ප්‍රතික්ෂේප කළා. ඇයි අධිකරණයට යෑම මෙයාලට නොගැලෙපෙනවද? මට නම් හිතෙන්නේ මේ අය අධිකරණයට නොගිහින් අධිකරණයට අපහාසයක් කරනවා කියලයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
