ජනපතිගේ සතිය හෙටින් අවසන්
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය උපරිම වුවහොත් දින හතක් තුළ අවසන් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 04 දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහ සමුළුවේදි සඳහන් කළේය.
ඒ අනුව සතියක කාලය හෙට (11දායින්) අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත් හෙට දිනයේදීත් මෙම දේශපාලන අර්බුදය අවසන් වන බවක් පෙනෙන්නට නොමැත.
පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවමත් ප්‍රකාශය පත්කර නොමැති වීම එ ්සඳහා හේතුව වෙයි.
මේ අතර ජනපතිවරයා ඊයේ පොලොන්නරුවේදි සඳහන් කළේ වර්තමානයේ පවතින තත්ත්වය අධිකරණය තේරුම් අරගෙන ඉතාමත් ඉක්මනින් තීන්දුවක් ලබාදෙනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.

popular news
-
rocky Monday, 10 December 2018 03:34 PM
කෙප්ප ඉස්ටෝරුවක්!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
