ජනපතිගේ විදෙස් සංචාර ගැන තොරතුරු ජනපති කාර්යාලයේ නෑ
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්රකාශ කරයි.
මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට (2015-01-08) මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර මොනවද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුරවැසියෙකු සිදුකළ ඉල්ලීමකට ප්රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය මේ බව දන්වා ඇත.
ජනාධිපතිවරයා සහභාගි වූ විදෙස් සංචාර සහ එම සංචාරවලට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම සිදුකර ඇති අතර, එම තොරතුරු නොමැති බව පවසමින් ජනාධිපති කාර්යාලය තොරතුරු ලබාදීම ප්රතික්ෂේප කර තිබේ.
තොරතුරු ඉල්ලීම ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එයද ප්රතික්ෂේප කරමින් එම තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බවද සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා සම්බන්ධ තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බව සඳහන් කරමින් තොරතුරු ඉල්ලීම සහ අභියාචන ඉල්ලීම යන ඉල්ලීම් දෙකම ජනාධිපති කාර්යාලයෙන් ප්රතික්ෂේප කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

popular news
-
Dayan Thursday, 01 August 2019 10:13 AM
මේක නම් තනිකර මුලා කිරීමක්. මේ තොරතුරු වත් තියාගෙන නැතිනම් ජනාධිපති කාර්යාලය සුරුට්ටු කඩයක්ද?
Reply : 0 62
Kumar Thursday, 01 August 2019 10:05 PM
ඒ කියන්නේ ජනාධිපති තුමා ගමන් ගිහිල්ල තිබෙන්නේ හොර රහසේ වෙන්න ඇති. අනේ මෙහෙම රටක්. බොරුවට අතීතය ගැන කියකියා හිට්යොත් රට දියුනුණු කරන්න පුළුවන්නේද.
Reply : 0 20
Champa Friday, 02 August 2019 08:24 AM
එහම කොහොමද ජනාධිපතිගේ නිල ගමන් ගැන තොරතුරු නැහැයි කියන්නේ? බම්බු ලේකම් කාර්යාලයට අමතක වෙලා ජනාධිපති විදේශ ගමන් ගියේ මහජන ධනයෙන් කියල. ඒ හින්දා මිනිස්සුන්ට අයිතියක් තියෙනව දැනගන්න. ඒ කියන්නේ අර පහුගිය දවස්වල පෞද්ගලික සංචාර කියල ගිහින් තියෙන්නේ හොරට ජනතාවගේම මුදලින් වෙන්න ඕනේ. ගෙනියපු මිනිස්සු කීයක්ද කියන එකත් හංගලා. ගමන් ගැන තොරතුරැ සෑහෙන්න මගේ ළඟ නම් තියෙනවා. බම්බු ලේකම් කාර්යාලයට ජනාධිපතිගේ විදේශ ගමන් ගාන දන්නේ නැති වුනාට, ඒ ගමන් වලට ජනාධිපතිට වියදමට දුන් මුදල සහ ඒ ගමන් වලට දීපු advance ගැන විස්තර තියෙනවනේ. ජනාධිපතිගේ Travelling Claims තියෙන file එක ගත්ත නම් විස්තර ඔක්කොම තියෙන්නේ ඕනේ ඒකෙ. අනිත් එක එහෙම වියදමට දීපු සල්ලි ඔක්කොම පිටරටදී වියදම් වුනේ නැත්නම්, ඒ ඉතුරු වෙන මුදල සංචාරයෙන් පස්සේ ලංකාවට ආවට පස්සේ ආණ්ඩුවට නැවත දෙන්න ඕනේ. දේශපාලකයෝ නම් කවදාවත් මේක කරන්නේ නැහැ. ඉතා කලාතුරකින් රජයේ නිලධාරියෙක් දෙන්නෙක් නම් මෙහම කරලා තියෙනවා.
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

