ජනපතිගේ මෙහෙවර පඤ්ඤාසාර හිමි අගයති
වර්තමානය මෙන්ම අනාගතය විනාශ කර දමමින් තිබු මත් උවදුරෙන් සමාජය මුදවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සද්භාවයෙන් ඉටුකළ මෙහෙවර රටේ සමස්ත මහා සංඝරත්නය ආශිර්වාදාත්මකව අගයන බව ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ පවසති.
අහිංසක ජනතාව දැවෙමින් සිටි ගැටලු රැසකට විසඳුම් ලබාදෙමින් අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් සමාජයක් ගොඩනැගීමට මෙන්ම උතුම් ත්‍රිපිටකය මනාකොට සුරක්ෂිත කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ජනපති ගත් ක්‍රියාමාර්ග අද දවසේ පමණක් නොව මතු දිනක ද කෘතවේදිව සිහිපත් කෙරෙණු ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.
සෑම පුන්පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් ජනාධිපතිතුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 56 වන දම් සභාව ඉල් මස පුර පසළොස්වක පොහොය යෙදුණු අද (12) දින කොටුව ජනාධිපති මන්දිරයේ බෝධින් වහන්සේ අභියස දී පැවැත්විණි.
ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ අද දින ධර්ම කථිකයාණන් වහන්සේ වූ අතර එම ධර්ම දේශනාව සිදු කරමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ.

popular news
-
Kumar Tuesday, 12 November 2019 09:47 PM
ලෝකෙවටේ රවුම්ගහන මනුෂ්‍ය ගාතකයෝ, අල්ලස් ගන්න අය මුදාහරින., නුසුදුසු නෑදෑයන්ට උසස් රැකියාදෙන කෙනකුට කොහොමද ගරු කරන්නෙ. ඒ විතරක් නොවේ පසුගිය කාලයේ ඇත අඩංගුවට ගත්ත මත් කුඩු අතුරුදහන් වුනාද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

