වඩු මඩු හා ලී මෝල් අවුරුදු පහකින් තහනම් කිරිමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙසත්, එම තීරණය වහාම නතර කරන ලෙසත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති මාධය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ලී මෝල් හා වඩු මඩු තහනම් කිරීමට ගත් ක්රියාමාර්ගය නැවත සළකා බලන්න. මෙහෙම කළෝ රැකියා අහිමිවේවි. මිනීපෙට්ටියක්වත් හදාගන්න බැරිවේවි. මේ ගැන නැවත සළකා බලන්න.
වන වගාවන් ඇති කරන්න ඕන. දැව කැපීමට කැලෑ වවන්න ඕන. වඩු කර්මාන්තයට අපි සහන දුන්නා. මේ තීරණය වහාම නතර කරන්න. වන වගාම එදා ඉදන්ම කරන දෙයක්.
මැලේසියාව දැව කර්මාන්තයෙන් විදේශ විනිමය උපයනවා.”
