ජනපතිගේ ජීවිතය අනතුරේ - අපි ආරක්ෂාව තහවුරු කරනවා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා ලෙසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව ජනපතිවරයා හොඳින්ම දන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන බවත් ඔහු සඳහන් කළේය.
"2019 වසරේ ජනවාරි 08 දායින් පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 06 November 2018 08:46 PM
"2019 වසරේ ජනවාරි 08 දායින් පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා" ----- හා හා හා අනිවාර්යයෙන්ම පරදිනවා විතරක් නෙමෙයි ඊට පස්සේ හිරෙත් යනවා. ගෝඨාභය ඉල්ලුවත් පරදිනවා. මෛත්‍රී පොහොට්ටුවෙන් ඉල්ලනවා නම්, විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණෙන් ජාන්ධිපතිවරණේට ඉල්ලුවොත් මම අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා. විමල් බය නම්, මොකොද එයා ඒකාබද්ධ විපක්ෂේ සහ රාජපක්ෂලාගේ ප්‍රාණ ඇපකරුවෙක් නිසා, විමල් නැතුව අනුර කුමාර ඉල්ලුවොත් පාට පක්ෂ බලන්නේ නැහැ, අනුරව දිනවනව උඩින්ම. තියපල්ලකෝ චන්දෙ.
Reply : 0 0
Champa Tuesday, 06 November 2018 08:48 PM
ඇත්තම කිව්වොත් චන්දෙට ඉස්සෙල්ල හෝ පස්සේ වුනත් ඔය කාලේ ඉල්ලුවොත් මෛත්‍රීගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. මම නම් මුකුත් කියන්නේ නැහැ. හදිස්සි වෙච්ච හැමෝටම ඉතිහාසය පාඩම් උගන්නලා තියෙනව.
Reply : 0 0
Champa Tuesday, 06 November 2018 09:08 PM
"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා ලෙසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව...." මේ මොකොද මහින්දව අල්ලන්නේ? ජනාධිපතිගේ ජීවිතයට අනතුරක් තියෙනව තමයි. හැබැයි ඒක මහින්දගේ උවමනාවක් කියල කියන්න සාක්කි තියෙනවද? මම හොඳටම දන්නවා මේ අගමැතිකම දීල අලුත් ආණ්ඩුවක් හදන එක මහින්දගේ උවමනාවට වෙච්ච දෙයක් නෙමෙයි කියල. මහින්ද එයාගේ පාඩුවේ ඊළඟ චන්දෙ එනකම් ඉන්න ලැස්ති වෙලා හිටිය කියන එක ලංකාවම දැක්ක. ඒ හින්ද වචන පාවිච්චි කරන කොට කල්පනා කරලා පාවිච්චි කරන්න, හොඳද. ඔය වැඩේට තියෙන්නේ වෙන පසුබිමක්. මම සමහර විට ඕක කියයි. මට තේරෙනව වැඩේට හේතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

