ජනපතිගේ කථාවට සාගල පිළිතුරු දෙයි
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් වග කිව යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට සාගල රත්නායක මහතා පිළිතුරු දී තිබේ.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉහළ පරීක්ෂණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වූ ආකාරය පිළිබඳව තමන් කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් දිගින් දිගටම මෙවැනි චෝදනා කරයි නම් බලපෑම් කළේ කවුද? කවදාද? කොතනදීද? හා කෙසේද? යන්න පිළිබඳව හෙළි කරන බවයි.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවීම් ලබාදීම ජනපතිවරයා පරීක්ෂණ සඳහා මැදිහත්වූ ආකාරය දැක්වෙන මෑත කාලීන සිදුවිම්ක් බවත් එය පසුගිය වසර 3.5ක කාලය තුළ පුරුද්දක් වශයෙන් කළ බවත් ඔහු පවසයි.
එසේම පසුගිය පාලනයේ දූෂණ සෙවීමට ජනපති පත්කිරීමට යන ජනපති කොමිසම පිළිගන්නා බවත් එසේ දූෂණ සිදුවී ඇත්නම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හා ජාතික රජයේ නායකයා ලෙස ඔහුද වගකිව යුතු බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.
As a responsible Cabinet minister, I have never spoken in public about instances in which the @MaithripalaS interfered with high-profile investigations. But if these wild allegations continue, I will be forced to divulge details on who interfered, when, where and how. #lka
— Sagala Ratnayaka (@SagalaRatnayaka) November 25, 2018
The IGP's recent letter to Secretary Defence over transfer of CID officer Nishantha Silva (currently in public domain) clearly states President @MaithripalaS gave the order. A clear example of the President's interference in action - a recurring habit these past 3.5 years. #lka
— Sagala Ratnayaka (@SagalaRatnayaka) November 25, 2018
If there was corruption during the past 3.5 years President @MaithripalaS, head of the unity Govt and the Cabinet, has equally to share the blame. We welcome the appointment of a Presidential Comm., but insist President is not made immune to the investigations himself. #lka
— Sagala Ratnayaka (@SagalaRatnayaka) November 25, 2018
popular news
-
hubert Monday, 26 November 2018 04:39 PM
අපි මෙයාව ඉවත්කරමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

