ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ ගෞරවය ප්‍රකාශ කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජාතිය අමතා කළ කථාවේදී “ අප සමග සබඳතා පැවැත්වීමේදී අපේ රටේ ස්වාධිපත්‍ය හා ඒකීය රාජ්‍යත්වයට ගෞරව කරන ලෙස ප්‍රකාශ කර සිටිමු. අපගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාමට අපට අවශ්‍ය අතර ලෝක බලවතුන්ගේ ගැටුම් වලින් ඈත්ව සිටීමට අප අදහස්” කරමු යනුවෙන් ජනපතිවරයා සිය ජාතිය අමතා කළ කථාවේදී ප්‍රකාශයට පත්කළේය.
එම ප්‍රකාශය ලෝකයේ විවිධ ප්‍රදේශ වල අභ්‍යන්තර ගැටුම් හා කාල කෝලහාල ඇති කරමින් සිටින අධිරාජ්‍යවාදීන්ට ඔහු කළ වැදගත් අනතුරු ඇඟවීමක් බවද එම සංගමය පවසයි.
මෙම ප්‍රකාශය දිගු කාලයක් පුරා පැවැති ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළිත් පිහිටුවන ලද බවට කරන ලද සහතිකයක් බවත් එම සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතා සඳහන් කරයි.
පසුගිය වසර 30ක කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදය හා ඔවුන්ට මිතුරු කඳවුර අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසමින් ප්‍රකෝප කරමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වැනි රටවලට පසුගිය කාලය තුළ සහෝදර ශක්තියක් ඇත්තේ නව බලවේගයක් වශයෙන් නැගී සිටින චීනය බවත් චීනය තම මිතුරු රටවල ස්වාධිපත්‍ය හා භූමි ප්‍රාදේශීය අඛණ්ඩ භාවය රැක ගැනිම සඳහා සහයෝගය දෙන බවත් සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
බොදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඒ සඳහා උදාහරණයක් බවත් සභාපතිවරයා සඳහන් කරයි.
හොංකොං, වෙනිසියුලාව, බොලිවීයාව හා වෙනත් රටවල අභ්‍යන්තර අර්බුද ඇති කිරීමට අධිරාජ්‍යවාදීන් දියත් කර ඇති විවෘත හා රහස් කුමන්ත්‍රණ පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.
එසේම ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පටවන සියලු ගිවිසුම්වලට ජනතාව පළකළ දැවැන්ත විරෝධය නව ජනපතිවරයාගේ විශිෂ්ඨ ජයග්‍රහණය මහෝපකාරී වූ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.