ජනපතිගේ කථාවට කරු පිළිතුරු දෙයි
ව්‍යවස්ථාදායක සභාව විසින් තනතුරු පත්කිරීමේදී ‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත’ යනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ලිපියේ සඳහ් කළ් ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම එකම මිනුම්දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බව යැයිද ඔහු පවසයි.
එසේම ව්‍යවස්ථාදායක සභාව පිටතින් නම් අනුමත් කිරීමක් නොකරන බවත් ජනපතිවරයා එවන නම් වලින් සුදුසු නම් පමණක් තෝරා ගන්නා බවත් ඔහු පවසයි.
ව්‍යවස්ථාදායක සභාව නම් 12 ක් ප්‍රතික්ෂේප කළ බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය වැරදි බවත් එක් ඇබෑර්තුවක් සඳහා නම් 3 - හෝ 4 ක් එවූ විට තෝරා ගත්තේ එක් නමක් පමණ් හෙයින් එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් හැඳින්වීම ව්‍යවස්ථාදායක සභාවට කෙරෙන අසාධාරණයක් බවද ඔහු පවසයි.
“ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ. අතිගරු ජනාධිපතිතුමන් විසින්ද එසේ කළ අවස්ථා ඇත. ඒවා එකින් එක සඳහන් කරමින් වාද විවාද කිරීමට අප අදහස් නොකරමු. 19 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව බලපෑම් වලින් තොරව සුදුස්සන් තෝරාගැනීම අපගේ කාර්යභාරය වේ. එය මැනවින් ඉටු කළ බව අපගේ විශ්වාසයයි.”

popular news
-
Daham Thursday, 07 February 2019 12:23 PM
කථානායක හොඳ පිළිතුරක් දී ඇත
Reply : 1 8
Champa Thursday, 07 February 2019 12:34 PM
ඇත්තටම කිව්වොත් ව්‍යවස්ථාදායක සභාව අවශ්‍ය නැහැ තමයි. ඒ මොකොද කිව්වා නම් රාජ්‍ය සේවය ස්වාධීනව කටයුතු කරන්න නම් රජයේ නිලධාරීන්, විනිශ්චයකරයන්ද ඇතුළුව සියලු තනතුරු, උසස්වීම් පත් කිරීම කල යුත්තේ ‘ජ්‍යෙෂ්ඨත්වය අනුවයි. එකම සුදුසුකම වෙන්න ඕනේ ඒක. එහෙම නොවෙන කොට තමයි දේශපාලන ඇඟිලි ගැසීම සිද්ධ කරන්න පුළුවන් වෙන්න. ‘ජ්‍යෙෂ්ඨත්වය නැතුව වෙනත් සුදුසුකම් බලන්නේ පෞද්ගලික අංශය මිසක් රාජ්‍ය අංශය නෙමෙයි. රජයෙන් වැටුප් ගන්න හැම කෙනෙක්ටම සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනේ. එහෙම කරන්න තියෙන එකම ක්‍රමය තමයි ‘ජ්‍යෙෂ්ඨත්වය අනුව පත් වීම සහ උසස් වීම ලබා දීම. ඇත්තම කිව්වොත් මේක ව්‍යවස්ථාවට ඇතුළු කල යුතුයි. එතකොට කිසිම දේශපාලකයෙක්ට ඇඟිලි ගහන්න බැහැ. ලංකාවේ හැටියට දක්ෂකම උඩ උසස්වීම් දෙන්නේ දේශපාලන පක්ෂපාතිත්වය අනුව. දක්ෂකම අනුව ස්වාධීන පුද්ගලයෙක්ට උසස්වීමක් දුන්නත්, ඊට පස්සේ දේශපාලකයා හිතනවා ඒ පුද්ගලයා තමන්ට පක්ෂ විය යුතුයි කියල. වෙන තැනකත් කිව්වා වගේ, දේශපාලකයන් සහ ඔවුන්ගේ ඉත්තන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කල යුතුයි.
Reply : 51 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
