ජනපතිගේ කතාව අපි පිළිගන්නවා - නාමල්
ජනපති මෛත්රීපාල සිරිසේන මහත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ කතාව තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ ශ්රී ලංකාවේ ප්රශ්ණ විසඳාගැනීම වෙනුවෙන් දේශීය යාන්ත්රණයක් පිළිබඳ ජනපතිගේ ප්රකාශය පිළිගන්නා බවයි.
එසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් වීමෙන් පසුව මේ බව සඳහන් කළ බව පෙන්වා දෙන මන්ත්රීවරයා ජනපතිගේ මෙම ප්රකාශය හුදු කෙටිකාලීන දේශපාලන වාසියක් වෙනුවෙන් කළ ප්රකාශයක් දැයි පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් පවසයි.

popular news
-
Nandana Friday, 28 September 2018 09:52 PM
මු කවුද මේ
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

