ජනපතිගෙන් පොලිස්පතිට දොස් මුරයක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පොලීසියට කැළලක් ඇතිවූ බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම පොලිස්පතිවරයාගේ නුසුදුසු හැසිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා ඇතිවී ඇති බවත්, ඔහුට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පවසා ඇත. ජනාධිපතිවරයා එලෙස පොලිස්පතිවරයාට දෝෂාරෝපණය කළ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන් නිහඬව සිටි බවද වාර්තා වේ.
popular news
-
Deepal Nirosh Wednesday, 03 October 2018 02:08 PM
කොහොමද 19 ප්‍රතිඵල? දැන්වත් 20 නවත්වා ගත්තොත් රටට සිදුවන උතුම් සේවයක් කළා වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

