පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ (25දා) කථානායකවරයාට පැමිණිලි කළහ.
ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොෂාන් රණසිංහ, ඉන්දික අනුරුද්ධ හා කංචන විජේසේකර යන මන්ත්‍රීවරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේදී ඊයේ පෙරවරුවේ කථානායකවරයා හමු වූ මෙම මන්ත්‍රීවරු ප්‍රථමයෙන් රොෂාන් රණසිංහ මහතාට ඇති මරණීය තර්ජන පිළිබඳ කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.
මත්කුඩු හෝ ආයුධයක් දමා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සැලසුමක් ඇති බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා අඛණ්ඩව තමන්ට තර්ජනය කළ බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දේශපාලන කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබෙන බවත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබේ.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ රොෂාන් රණසිංහ මහතා පමණක් නොව විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙර අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මේ පිළිබඳ පොලිස්පතිවරයාට දැනුම් දීමටත්, රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබාදීමටත් කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී එකඟතාව පළකර තිබේ.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති අලගියවන්න මන්ත්‍රීවරයා සිය තනතුර භාවිත කරමින් බස්නාහිර පළාත් සභාවට අනවශ්‍ය බලපෑම් සිදු කරමින් සිටින බවට කථානායකවරයාට මෙහිදී පැමිණිලි කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාය.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා තනතුරට මුවා වී ලසන්ත අලගියවන්න මහතා මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපෘති කපාහැර ඇතැයි රණතුංග මන්ත්‍රීවරයා පවසා තිබේ.
මේ සම්බන්ධයෙන්ද සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බව කථානායකවරයා එම මන්ත්‍රීවරුන්ට සහතික වී ඇත.
