ජනපති රූකඩයක් වෙන තැනටයි ගියේ - දයාසිරි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම 2015 වසරේ ජනවාරි 6 දා එවකට විපක්ෂනායක ලෙස කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා එවකට පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් ජනපතිවරණයේ පසුව ඔහුව අගමැති ලෙස පත්කරන ලෙසටත් සියලු බලතල තමන්ට පවරාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට දන්වා තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
"මෙයින් හැදුවේ ජනපතිතුමා නිකන්ම ජනපති පුටුවේ වාඩි කරලා තබන්නයි. ජනපති බලතල විතරක් නෙමෙයි හැම බලයක්ම එකම තැනකට හේත්තුවෙලා තිබුණේ. අමාත්‍යවරුන් ගතයුතු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කමිටුව හරහායි. " යැයි ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 28 November 2018 02:13 PM
කොහොමත් රූකඩයක් තමයි. අවුරුද 4ක් තිස්සේ රනිල් එක්ක එකතු වෙලා රට කාල දැන් එනව සුදනෝ වෙන්න. මහින්දව අගමැති කළා කියලා ජනාධිපති සාන්තුවරයෙක් වෙන්නේ නැහැ. පහුගිය කාලේ සිද්ධ වෙච්ච හැම දේටම රනිල් හා සමානව රටේ ජනාධිපති සහ කැබිනට් එක වග කියන්න ඕනේ. රටට එරෙහි රනිල්ගේ පනත් එකකටවත් මෛත්‍රී පිලේ ශ්‍රී ලංකා මන්ත්‍රීවරු විරුද්ධව චන්දෙ දුන්නේ නැහැ. එතන හිටපු ශ්‍රී ලංකා එකේ 40ස් ගානටම ඊළඟ පාර්ලිමේන්තුවේ දොර වහන්න ඕනේ. ඊළඟ ජනාධිපතිවරනේදී මෛත්‍රීවත් ගෙදර යැව්වට පස්සේ මුළු රටටම පුළුවන් පාට පක්ෂ ජාති ආගම් භේද නැතුව මහින්ද එක්ක එකතු වෙලා සුබ අනාගතයක් ගැන හිතන්න. රනිල්ද් එක්ක රට පාවා දීපු ද්‍රෝහියෝ ඉන්න කම් රටට සෙතක් නැහැ.
Reply : 204 250
chandana Wednesday, 28 November 2018 02:54 PM
ගෙම්බිසිරි බිල කියවනවද නැත්නම් බේගල් කියන්නේ මහා දවල් , නල්ලමලේ ජනාධිපති
Reply : 0 102
Raawana Wednesday, 28 November 2018 04:14 PM
ජනපති රූකඩයක්. වෙන තැනටයි ගියේ. දයාසිරි
Reply : 0 107
chathuri Wednesday, 28 November 2018 05:38 PM
රනිල්. අගමැති. ඔය තීරණය අර. ගත්තේ. හදහන බලල. නෙමේ. මිනිහගේ. දිහා. බලලා. කොයිතරම්. නුවනක් කාරයෙක්ද. , මහින්ද. හැමදේටම. දේවාලේ ගියා බලන්න අගමැතිට. තියෙන. නුවන. කරපු. එකම. වරද මුදල් ඇමතිකම් පිට. මිනිහෙකුට. දුන්. එක , ඉතින්. තමන්ගේ. ජාතියේ එකා වුනත්. මුදල් ඇමතිකම් අරගෙන මහින්ද නැවත. රට ගොඩගන්න බැරිවෙන තරමට පවුල් පිටින් වටවෙලා හොර. කාවා. එහෙම කරපු කෙනාට මෛත්‍රී. නැවත අගමැතිකම. දුන්නා කිසිම. බලයක්. නැතිව ඉතින් මේ. ව. රනිල් හිටියේ. ඒ. රුකඩ කමත්. අයින්. කරන්න දැන්. ඒ තැනට. ඇවිත්. ඉන්නේ. මහින්දව කරලියට ගේන කොට. වෙස් මුහුණු බැදන් හිටියේ.
Reply : 0 109
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

