ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) පස්වරුවේ පැමිණිමට තිබූ මැදිරිගිරිය නව නගරයේ සරස්වතීදේවී පිරිවෙන ඉදිරිපිට වසා දමා තිබු වෙළදසැලක තිබී ටී 56 ගිනි අවි ජීව උණ්ඩ 121 සහ කඩුවක් පොලිස් විශේෂ කාර්ය බළකාය කළ සෝදිසි කිරිමක දී හමු බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මැදිරිගිරිය නව නගරයේ සරස්වතීදේවී පිරිවෙනහි රුපියල් ලක්ෂ 74ක වියදමින් ඉදිකරුණු දාන ශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීම ඊයේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබුණි.
සෝදිසි කිරීමෙන් පසුව එම වෙළදසැලේ හිමිකරු සොයා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.
හිගුරක්ගොඩ-ඩබ් ඒ පියතිලක
