ජනපති ප්රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් එළැඹෙන 15 දා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දැමූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම සම්මාන උළෙලේදී ප්රවීන කළාකරු ඩබ්ලිව්. ජයසිරි මහතාද සම්මාන ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කළේ තමන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබාගැනිම අකමැති හෙයින් එම සම්මාන උළෙලට එක්නොවන බවයි.
සංස්කෘතක දෙපාර්තමේන්තුව නැවත එය පවත්වන දිනයක් ප්රකාශ නොකළේය.
popular news
-
dadi Thursday, 13 December 2018 02:15 PM
Hats off to W Jayasiri. Excellent.
Reply : 1 35
Nandana Thursday, 13 December 2018 02:54 PM
බොහොම හොද ආදර්ශයක් ,w .ජයසිරි මහතාට මගේ ප්රණාමය , කළා කරුවා හැම විටම නිදහස් සිතුවිලිවලින් සිටිය යුතුය. දේශපාලුවන්ගේ බත් බැලයෝ නොවිය යුතුය
Reply : 6 29
hemantha Thursday, 13 December 2018 03:26 PM
ජයසිරි මහතාණෙනි, ඔබට අපේ ප්රණාමය. විසේසයෙන් කලාකරුවන් දෙසපාලකයන්ට කඩේ යන මෙවන් යුගයක ඔබ වැනි අය සීටීම රටටම ආදර්ශයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

