ජනපති නියමයෙන් නිල ඇදුම් වව්චර් යළිත්
තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළේය.
වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් අද (12දා) තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියේය.
පසුගිය ආණ්ඩුවේ ඉල්ලීමට අනුව ලක්ෂ 43ක දරුදැරියන්ට ලබාදීමට නියමිතව තිබූ වවුචර් පතට රෙදි ලබාදීමට කුඩා කර්මාන්තකරුවන් මෙරටට රෙදි ගෙන්වා තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.
එහෙත් පසුව එම තීරණය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවත්, මේ නිසා පාසල් නිවාඩුවට පෙර නිලඇඳුම් රෙදි ලබාදීමට නොහැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියේය.
මේ පිළිබඳ සඳහන් කරමින් තම සංගමය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදුන් බවද හෙතෙම සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 13 December 2018 04:41 PM
මේක නම් හොඳ වැඩක්. වෙනස් කරපු විදිහට දරුවන්ට නිල ඇඳුම් දෙනවා කිව්වේ පෙබරවාරි. ඒකත් දිනයක් නැතුව. කලින් තිබ්බ නීති වෙනස් කරන්න තීරණ ගන්න ඕනේ කෙනෙකුට පුළුවන්. හැබැයි ප්රයෝගික පැත්ත ගැන හිතන්න ඕනේ. අවුරුදු 4ක් තිස්සේ යහපාලන ආණ්ඩුව කරපුව එක මාසෙන් වෙනස් කරන්න බැහැ. අනික එහෙම කරන්න ඕනේ ප්රතිපත්තියක් ඇතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

