ජනපති දුන් දේශමාන්‍ය පදක්කම නෙස්සයියා ආපසු ජනපතිටම දෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබේ.
2017 වසරේ මාර්තු මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට මෙම සම්මානය ලබාදීමට කටයුතු කළේය.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ 70 වසරක් පැරණි දේශපාලනය ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමට අදාළව පසුගිය සති කිහිපය තුළදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගවලට විරෝධය දක්වමින් එම පදක්කම හා සහතික ආපසු ලබාදීමට තීරණය කළ බවයි.
එසේම මේ දිනවල තමන් විදේශගතව සිටින බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණි වහාම එම පදක්කම් හා සහතික නැවත ජනපති ලේකම් කාර්යාලයට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු ජනපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි.

popular news
-
රජින්ද Thursday, 08 November 2018 02:49 PM
ද්‍රවිඩ ඊලම නොදී මෙතුමලට ඔය මොනදේ දුන්නත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. අවුලක් නැහැ මොහුගේ පදක්කම් සහ නාමයන් සියල්ලම ආපසු රජයට පවරාගෙන වෙනත් ජාතිමාමක පුද්ගලයෙක්ට දෙන්න එවැන්නෙක් ජීවතුන් අතර නැත්නම්, අර ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාගේ සොහොන් කොතෙ ඔය පදක්කම පළදන්න.
Reply : 36 100
saman Thursday, 08 November 2018 04:02 PM
ප්‍රකට කිව්වට අදමයි ඇහුවේ.
Reply : 2 0
chathuri Thursday, 08 November 2018 06:07 PM
ඔබතුමාට. ලජ්ජා. හිතෙන එක. සාදාරනයි ඔබට. මෙය. දුන්නේ සමනලියක් නිසා. ඔබ එඩිතර සමාජය. තේරුම්. ගත් පුද්ගලයෙක් එහෙම. එකේ මෙය සමනලිටම දෙන්න. එයාගේ. සුවදට මේ. දවස් වල. නිල මැස්සෝ. පොරකනවා. , මෙයා හිතන් ඉන්නේ. මෙයාගේ. රොන් ගන්න. සමනල්ලු. එවි. කියල. කවදාවත්. එන්නේ. නැහැ. , සමනලිට නිලමැස්සෝපමණයි. කැමති
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

