පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබාදීම සඳහා කාන්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා කොමිසම හමුවට කැඳවා තිබේ.
ඔහු මේ වන විට එහි සාක්ෂි ලබාදෙමින් සිටියි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඉදිරියට සක්‍රීය සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි දීමට කැඳවීමට තමන් අවස්ථාව නොදෙන බවයි.
කෙසේ වෙතත් කාන්තන්කුඩි හිටපු ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි ලබාදෙමින් සිටියි.
ඔහු පොලිස් නිලඇඳුමෙන්ම පැමිණ සාක්ෂි ලබාදීම සිදුකරයි. පොලීසිය අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතට වන අතර එහි අමාත්‍යවරයා වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
