ජනපති තවත් නිල විදේශ සංචාරයකට
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි.
සිකුරාදා (14) ,සෙනසුරාදා (15) සමුළුව ඇරැඹෙන අතර, 15 වැනිදා ජනාධිපතිවරයා සමුළුව ඇමැතිමට ද නියමිතය.
ශ්රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව යනු ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සමඟ 50 කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය.
popular news
-
Ranjan Wednesday, 12 June 2019 09:54 PM
තව වැඩි කාලයක් නැහැනේ . පොඩි අතල් එකක් අරගෙනම එන්න. පත්තරේ බලන්න වරද්දන්න එපා හොදේ.
Reply : 0 1
බණ්ඩාර Wednesday, 12 June 2019 09:59 PM
නැව ගිලුනත් බෑන් චූන්
Reply : 0 1
Champa Thursday, 13 June 2019 08:55 AM
මොන කිස්ථානය? ඒ මදිවට මොනවා? 50ක් යනවා මේ රටේ නිල සංචාරෙකට? 50ක්? මේ පිටරට සවාරි වල වෙන මොකක් හරි යටින් තියෙනවා. අත යට ගානක් ලැබෙන වැඩක්. කිසි වැඩකට නැති ගමන් මේ තරම් මහජන මුදල් වියදම් කර කර යන්න තරම් මොකක්ද උවමනාව? මෙයා අනිවාර්යයෙන්ම ලංකාවෙන් යනවා. මැක්කන්ට අබ සරණයි.
Reply : 0 1
Sanath Thursday, 13 June 2019 10:15 AM
මේ මනුස්සය පත්කරගත්තේ ජාතියේ අවාසනාවට .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

