ජනපති තම සීමාවන් හඳුනාගත්තේ නෑ - කිරිඇල්ල
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සීමා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු තම සීමාවන් හඳුනා නොගත් බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
“ජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර්බුදයක් ඇතිවෙනවා. අද අර්බුදයක් ඇති ව තිබෙනවා. ව්‍යවස්ථාවයි අධිකරණයි තමන්ගේ සිමා දන්නේ නැතිව අනිත් අයගේ සීමාවට ගියොත් අර්බුද ඇතිවෙනවා.
ජනපතිවරයා තම බලතල සියල්ලම අගමැතිට දෙන්න හැඳුවා. ශ්රේෂ්ඨාධිකරණයි කිව්වේ එතුමාට ඒ දේ කරන්න බෑ කියලා. අපි කරපු දෙයක් නෙමෙයි මේක. එතුමා සීමාව ඉක්මවා ගියාම අපිට මැදිහත්වෙන්න සිදුවුණා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 13 March 2019 02:25 PM
ජනපතිතුමා තම සීමාවන් එදා දැනගෙන සිටියනම් තමුන්නාන්සේලාට 19 වන සංශෝධනය සම්මත කර ගන්න ලැබෙයි ද? ඒ නො දැනුවත්කමින් ප්‍රයෝජන අරගෙන නේද අදත් තමුන්ගෙ ආණ්ඩුව සුළුතරයකින් හරි මේ විදියට පවත්වාගෙන යන්නෙ?
Reply : 0 0
Champa Wednesday, 13 March 2019 05:33 PM
රනිල්ට 19 වෙනි සංශෝධනය සම්මත කරලා දුන්නේ මෛත්‍රී. හැබැයි ඒකේ තියෙන විදිහට හෝ ජනාධිපතිට අගමැතිට ඕනේ විදිහට බලතල හුවමාරු කරගන්න හෝ අඩු වැඩි කරගන්න බැහැ. ඒකට ජනමත විචාරණයක් පවත්තල ජනතාවගේ කැමැත්ත ලබා ගන්න ඕනේ. එහෙම කලේ නැති නිසා 19යෙන් බලතල අඩු වුනේ නෑ. රනිල්ට අගමැතිකම බේරුනේ ජනාධිපතිට බලතල නැති නිසා නෙමෙයි, රනිල් පාර්ලිමේන්තුවේ වැඩි ආසන හිමි පක්ෂයේ නායකයා විදිහට ඔහුට අනිවාර්යයෙන් අගැමතිකම හිමිවෙන නිසා. ඊළඟට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවීමේ බලයත් තියෙනව. නමුත් පාර්ලිමේන්තුව 2/3 චන්දයෙන් කාලය අවුරුදු 4 1/2 කට fix කරගෙන තිබුණු නිසා ජනාධිපතිගේ බලය ඊට කලින් ක්‍රියාත්මක කරන්න බැරි වුන. හැබැයි ඒ හින්ද අවුරුදු 5 ක් යන්න තිබුණු පාර්ලිමේන්තු කාලය දැන් 4 1/2 කට අඩු කරගෙන, යූඑන්පී එක කලින්ම ගෙදර යන්න කැමති වෙලා තියෙනව. මට නම් ඒක නරක දෙයක් නෙමෙයි. ඊළඟට එන මන්ත්‍රීවරු පත් වෙන්නේ අවුරුදු 5කට නෙමේ 4 1/2 කට. දැන් ඔය විදිහට දෙන්න කැමැත්තෙන් බලතල හුවමාරු කරගත්තට ඊළඟ ජනාධිපතිට එහෙම කරන්න පිස්සුවක් තියෙයි කියල මම හිතන්නේ නැහැ. ඊලඟ ජනාධිපති විදිහට පත් වෙන්නේ කලින් විදිහට වීධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක්.
Reply : 0 0
rocky Thursday, 14 March 2019 07:14 AM
ඉස්සර තිබුනා කියනවා වගේ සීමාසහිත ජනාධිපති සහ සහෝදරයෝ,, පුත්‍රයෝ සහ සමාගම කියලා එකක් හදමුද ආයෙත්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

