ජනපති ආරක්ෂක අංශයේ ජීප් රථයක් හා යතුරු පැදියක් ගැටෙයි
කදුරුවෙල ජයන්ති විහාරයේ ගේට්ටුව අසල ජනාධිපති ආරක්ෂක අංශයේ ජිප් රථයක් සහ එම ආරක්ෂක යතුරු පැදියක් ඊයේ (03දා) පස්වරුවේ එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් රථවාහන අංශයේ දෙදෙනෙක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්රතිකාර ලබන බව පොලොන්නරුව පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කදුරුවෙල ජයන්ති විහාරයේ පැවැති උත්සවයක් නිමා කොට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් සේවාගම ප්රදේශයේ පැවැති උත්සවයක් සඳහා පිටත්වීම සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදීය.
මෙම අනතුරෙන් wp su 4343 දරණ යතුරු පැදියේ ගමන් ගත් පොලිස් සැරයන් 23713 මනෝජ් සහ එහි පසුපස ගමන් ගත් පොලිස් කොස්තාපල් 51190 වජිර කුමාර යන දෙදෙනා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ 18 වෙනි වාට්ටුවේ ප්රතිකාර ලබයි.
ජීප් රථයේ ගමන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත. වැඩිදුර පරික්ෂණ පොලොන්නරුව පොලිසිය පවත්වයි.
හිගුරක්ගොඩ--ඩබ් ඒ පියතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
