ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ
ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නොමැති බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (18දා) කොළඹ බෞද්ධාලෝක පොසොන් කලාපයේ තොරණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ජනපති අපෙක්ෂකයා සුදුසු වේලාවේදී ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇතැම් අය චමල් රාජපක්ෂ මහතා ඉල්ලන බවත් තවත් අය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලන බවත් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා සඳහන් කළේ එය එසේ බවයි.
“කවුරු වුණත් අපි දාන අපෙක්ෂකයා දිනනවා. ඒක තමයි කියන්න තියෙන්නේ” යැයිද ඔහු පැවැසීය.

popular news
-
batangala Wednesday, 19 June 2019 05:56 PM
මේක අපුරු කතාවක් ෆොට්ටුවේ සාමාජිකයෝ කියන්නේ ගෝටා තමා අපේ අපේක්ෂකයා කියල (විමල් වීරවංශ) එතකොට පොහොට්ටුවේ නායකයා කියන මේ කතාව මොකක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

