සිය පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.
දිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවෙනු ඇත.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හමුවීමටද නියමිතව තිබේ. සිය ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සවස නව දිල්ලි නුවරට පැමිණියේය.
