ජනපති අගමැති යළිත් අමාත්‍යධුර භාර ගන්න කිව්වා
ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රලින් වික්‍රමසිංහ මහතා සඳහන් කළ බවත් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළි අමාත්‍යධුර භාර ගැනීමට හදිස්සියක් නොමැති බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
ඊයේ (02දා) පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැදීය.
“අපි අමාත්‍යධුරවලින් ඉවත්වුණේ රටේ එක්සත්භාවය වෙනුවෙන්. අපිට අමාත්‍යධුර යළි භාර ගැනීමට හදිස්සියක් නෑ. ජනති හා අගමැති යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස සඳහන් කළා.
ජනපතිත් අගමැතිත් දන්නවා අපි (මුස්ලිම් අමාත්‍යවරුන්) අපි වරදක් කළේ නෑ කියලා. ඒ වගේම අපේ නිර්දෝශීභාවය ගැන මුළු රටම දන්නවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
shan Wednesday, 03 July 2019 05:26 PM
tamunwa gathta data e dennnama gedara yawanawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

