ජනපති - එජාපෙ දෙවැනි සාකච්ඡාවත් අසාර්ථකයි
එක්සත් ජතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ අතර දෙවැනි වරටත් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී තිබේ.
අද 03දා රාත්‍රියේ පැවති මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිත පුද්ගලයා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවත් එක්සත් ජාතින පෙරමුණ එම මතයෙන් වෙනස් නොවන බවත් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇත.
ජනාධිපතිවරයා එම මතයට එකඟ වී නොමැති අතර ඔහු සිය ස්ථාවරය නැවත වරක් ප්‍රකාශ කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකරන බවද පවසා තිබේ.
එසේ වුවද මෙම ප්රශ්නය පිළිබඳ ඉදිරියේදී නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙම පිරිසට පවසා ඇත.
අද (03දා) රාත්‍රී 8.00 පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැයක පමණක් කාලයක් පැවැත්වුණි.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් වන රාජිත සේනාරත්න , රවුෆ් හකීම් , රිෂාද් බද්යුද්දින් , මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක මහත්වරැන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
popular news
-
rocky Tuesday, 04 December 2018 06:10 AM
රටට මේ විනාසය උදා කල අති ගරු ජනාධිපති තුමා භංග වේවා!
Reply : 0 0
Don Tuesday, 04 December 2018 08:06 AM
ඒයාට රනිල් පත්කරන්න බැරිනම් උසාවියට හරි කරුට හරි පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
