ජනතාව වෙත ගොස් සහන ලබාදීම නව රජයේ ප්‍රතිපත්තියක්

එළඹෙන මාර්තු මස පළ වෙනි දිනට පෙර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීයක් නියෝජනය වන පරිදි ඉඩම් සඳහා දීමනා පත්‍ර ලක්ෂ දෙකක් ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, ජනතාව තමන් වෙත නොගෙන්වා ජනතාව වෙත ගොස් සහන ලබාදීම නව රජයේ ප්‍රතිපත්තියක් බවත් ඉඩම් හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද 19 දින මතුගම දී පැවසීය
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක ජනතාව වෙනුවෙන් දීමනා පත්‍ර 572ක් බෙදා දීම සඳහා පැවති උත්සව අවස්ථාවක දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ඉඩමකට ඔප්පුවක් ගන්න ගියහම ග්‍රාම නිලධාරිීවරයාගේ පටන් ඇමතිවරයා දක්වා ඒ නිලධාරීන් විශාල පිරිසක් වෙත යා යුතුයි. සමහරක් නිලධාරීන් ඇතැම් දිනවල නැහැ ඒ නිසා ජනතාව විශාල අපහසුතාවකට ලක් වී තිබෙනවා මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් ජනතා සේවය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරමින් තිබෙනවා
ඒ වගේ ම කාර්යාල වල දිගු පෝලිමක් දක්නට ලැබෙනවා එම නිසා ජනතාව වෙත ගොස් සේවය ලබා දීමේ ක්‍රමය නිසා මිනිසුන්ගේ කාලයක් ශ්‍රමයක් විශාල වශයෙන් ඉතිරි කර ගන්න පුළුවන් වෙනවා රටක් දියුණු වන්නේ එවිටයි. ශක්තිමත් ආණ්ඩුවක් නැතිවුනත් අපි විශාල වැඩ කොටසක් මේ වෙනකොට සිදු කර තිබෙනවා ඉදිරියට එය තවත් පුළුල්ව කරන්න බලාපොරොත්තු වෙනවා.
මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ
popular news
-
Sapada ambanata Wednesday, 19 February 2020 05:16 PM
Nathuwa nathuwa. Illannath kalin gal, wali ha pas transport permit cancell kale ekane. Hi..hi...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
