ජනතාව ජීවත්වෙන්නේ සුනඛයෙක් හෝ කාක්කෙක් ලෙසයි
ශ්‍රී ලංකා දේශපාලනයේ ඇත්තේ බලු කපුටු දාන බවත් මේ අනුව ඡන්ද දායකයා සුනඛයෙක් එසේත් නොමැතිනම් කපුටෙක් ලෙස ජීවත් වන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාතික මග දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ කෑගල්ල සමුළුවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අද අපේ රටේ රුපියලක් සංවර්ධනයට යොදවනකොට රුපියල් තුනක් ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. අපි දන්නවා බලු - කපුටු දාන, බලු-කපුටු දාන දෙනකොට මොකද වෙන්නෙ, ඒ බල්ලන් කපුටන් ඇවිත් ඒවා බොහොම සන්තෝසෙන් කනවා.
දෙවනි දවසෙ යනකොට ඒ බල්ලොයි කාක්කොයි පෝලින් ගැහිලා ඉන්නවා. අපේ රටේ දේශපාලනයෙත් තියෙන්නත් බලු-කපුටු දානම තමයි. දෙනවා කියල දන්න තැනට මිනිස්සු ඇදෙනවා. හිතනවා මේක තමයි ක්‍රමය කියලා. හැමදාම ජනතාව, ඡන්ද දායකයා ඔදවත්, තෙදවත්, බලවත් පුද්ගලයෙක් නෙවෙයි අර කිවූ ආකාරයට, සුනඛයෙක් නැත්තම් කාක්කෙක් විදිහට තමයි ජීවත් වෙන්නෙ.
කවදද අපි අපේ රටේ ජනතාව සිංහයෝ බවට පත් කරන්නෙ? කවදද අපි අපේ රටේ ජනතාව රාජාලීන් බවට පත් කරන්නෙ? තමන්ගේ ශක්තියෙන්, ස්ව ශක්තියෙන් නැගිටලා මේ ඔදවත් තෙදවත් රට නිර්මාණය කරන්න ගමන් කරවන්න.
මේ රට අපට හදන්න ඕනේ, මේ රටේ ජාතික ආරක්ෂාව ඉහළින් තහවුරු කරලා මේ රට රකින්න ඕනේ අපි. ඒ වගේම මේ රටේ නව නීති රීති ගෙනල්ල නව සමාජ ආකර්ෂණයන් ඇතිකරලා මේ රට අපි නිවන්න ඕනේ.”

popular news
-
Champa Wednesday, 10 July 2019 03:41 PM
හිනහත් යනව. 2015 ඉඳන් මෙතෙක් කල් රට කන කම් බලා ඉඳල දැන් මතක් වෙලා රට හදන්න. දැන් ඔය බලු කපුටු චරිත මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ජනතාව බලධාරියා වෙලා දේශපාලකයෝ බලු කපුටු තත්වෙට වට්ටන්න ඕනේ. ජනතාව දෙනදේ කාල වෙනදේ බලා ඉන්න තත්වෙට. කොහොමද? යන්කො ඔහොම.
Reply : 0 0
කෝලිත Wednesday, 10 July 2019 04:32 PM
එතකොට මෙච්චර දෙයක් කරන ඔය කියන තුප්පහි ආන්ඩුව කාගෙද...කවුරු පත්කරගත්තු මොකා ඉන්න එකක්ද..?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

