රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කරමින් ඔවුනට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කරදිම මෙහෙවරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරත වෙමින් පවති.
ඒ අනුව එකි අරමුණ සාක්ෂාත් කර ගැනිම සඳහා දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පවත්වනු ලබන ජන පවුර ජාතික වැඩසටහන දෙවන වැඩසටහන ජූලි 1වන දින අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැවැත්වේ.
ශ්‍රි ලංකාවේ සෑම ගමකම පිහිටුවා ඇති සමිති හෝ සංවිධානයන්හි ක්‍රියාකාරි නියෝජිතයින් කණ්ඩායමක් ජන පවුරේ සමාජිකයින් ලෙස පත් කර එම ප්‍රදේශවල සිදුවන ළමා අපයෝජන හඳුනා ගැනීම හා ඊට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීමමෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
ජන පවුර අනුරාධපුර වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය කොට්ඨාස 22 ම ආවරණය වන පරිදි එකම මෙහොතක පවත්වනු ලබයි. එමෙන්ම ජන පවුරේ සමාජිකයින්ටළමා ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රායෝගික මඟ පෙන්විම හා පුහුණුව කිරිම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් සිදු කරනු ලබයි.
මෙම වැඩසටහනේ පළමු අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කෙරුණු අතර ඉදිරියේදි සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කිරිමට අපේක්ෂිතය.